රූපලාවණ්‍ය ආයතනවල භාවිත කරන එන්නත් කටු මඟින් ඒඩ්ස්-සෙංගමාලය වැනි රෝගයන් බෝ වීමේ අවදානමක්

රූපලාවණ්‍ය ආයතනවල භාවිත කරන එන්නත් කටු මඟින් ඒඩ්ස්-සෙංගමාලය වැනි රෝගයන් බෝ වීමේ අවදානමක්

 විශේෂඥ වෛද්‍ය චාලුක්‍යා ගුණසේකර

ඉන්නන්, කුරුලෑ වැනි ආසාදනයන් ඉවත් කිරීමට රූපලාවන්‍ය ආයතනයන්හි භාවිතා කරන එන්නත් කටු මඟින් ඒඩ්ස්, සෙංගමාලය වැනි රෝගයන් බෝ වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිනි විශේෂඥ වෛද්‍ය චාලුක්‍යා ගුණසේකර මහත්මිය පවසයි.

ඇතැම් පුද්ගලයන් රූපලාවන්‍ය ආයතනවලට ගොස් මුහුණේ තිබෙන කුරුලෑ, ලප කැළැල් ඉවත් කිරීම සිදු කරන අතර ඒවා ඉවත් කිරීමට ගන්නා එන්නත් කටු ඇතුළු කටු වර්ග ජීවානුහරණය නොකිරීමෙන් විවිධ වෛරස් වර්ග ආසාදනය වීමේ අවදානමක් පවතින බව ඒ මහත්මිය පැවැසුවාය.

මුහුණේ ඇති ඉන්නන් ඉවත් කිරීමට රූපලාවන්‍ය ආයතනයන්හි භාවිතා කරන එම්ලා නමැති රසායනික ද්‍රව්‍ය වෛද්‍යවරුන් භාවිතා කළ යුතු හිරිවැටීමේ ඖෂධයක් වන අතර රූපලාවන්‍ය ආයතනවල රූපලාවන්‍ය ශිල්පීන් මේ ඖෂධය භාවිතා කිරීම යෝග්‍ය නොවන බව ද ඇය ප්‍රකාශ කළාය.

එවැනි ඖෂධයන් භාවිතා කිරීමෙන් පසුව හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඔවුන්ට ප‍්‍රතිකාර ලබාදීමට ක්‍රමයක් නොමැති වීමෙන් පුද්ගලයන්ගේ ජීවිතවලට හානි විය හැකි යැයි ද වෛද්‍ය ගුණසේකර මහත්මිය පැවැසුවාය. රෝහල් තුළ කළ යුතු සමේ පිළිස්සීම්, කැපීම් යනාදිය රූපලාවන්‍ය ආයතනවල සිදු නොකළ යුතු බවත් එවැනි දේ රූපලාවන්‍ය ශිල්පීන් සිදු කිරීමෙන් සම විවිධ අසාත්මිකතාවලට ලක් විය හැකි බවත් වෛද්‍යවරිය පැවැසීය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා