ජාතික ‍වනෝද්‍යාන මුද්දර 6ක් නිලාවේලියේ දී නිකුත් කෙරේ

ජාතික ‍වනෝද්‍යාන මුද්දර 6ක් නිලාවේලියේ දී නිකුත් කෙරේ

වසරක් පාසා නිකුත්කරන ශ්‍රී ලංකාවේ ජාතික ‍වනෝද්‍යාන මුද්දර පෙළ මෙම 22 වෙනිදා ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයේදී නිකුත් කෙරේ. මෙවර මුද්දර හයක් නිකුත්කෙරෙන අතර එය ත්‍රිකුණාමලයේ පරවි දූපත හා එහි වන ජීවීන් ආශ්‍රිතව නිර්මාණය කර තිබේ.

ත්‍රිකුණාමලයේ ජෛව විවිධත්වයෙන් යුතු ජතික උද්‍යානයක් වන පරවි දූපත හා ඒ ආශ්‍රීත සතුන් යොදාගෙන ඇත්තේ සංචාරක ආකර්ෂණයද ඒ සඳහා දිනාගැනීමටය. මෙම මුද්දර සඳහා චිත්‍ර නිර්මාණය කර ඇත්තේ මුද්දර කාර්යංශයට අනුයුක්ත චිත්‍රශිල්පීන් විසිනි. මේ මුද්දර රුපියල් 7, 10,15, 25, 35, 50 යන වටිනාකම් වලින් යුක්තය.

මේ වන විට මුද්දර කාර්යංශයේ ආදායම වැඩිවී ඇති බවත් වනජීවීන්ගේ මුද්දර සදහා වැඩි ඉල්ලුමක් දේශීය හා විදේශීය වශයෙන් පවතින් බව තැපැල් සේවා අමාත්‍යංශය පවසයි.

පසුගිය වසර පහ තුළ යාල, විල්පත්තු, වස්ගමුව,හෝර්ටන් යන වනෝද්‍යාන ආශ්‍රිතව මුද්දර කාර්යංශය විසින් මුද්දර නිකුත් කර තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා