බඩු දුම්රියේ ගැටී වන අලියෙක් මරුට

බඩු දුම්රියේ ගැටී වන අලියෙක් මරුට


දුම්රියේ හැපුණු අලියා මිය ගොස් ඇති අයුරු.

මඩකළපුව සිට මහව දක්වා ඊයේ (4) සවස ධාවනය වූ බඩු දුම්රියට පලුගස්වැව 129 1/2 සැතපුම් කණුව අසලදී වන අලි රංචුවක් හැපීමෙන් එක් අලියෙකු මිය ගොස් ඇති අතර තවත් අලියකු තුවාල ලබා වනාන්තරයට ගොස් තිබේ.

මේ ප්‍රදේශයේ වල් අලි නිරතුරුවම දුම්රිය මාර්ග හා ගමන්කරන හෙයින් දුම්රියේ වනජීවී නිලධාරියකුද රියදුරු ආසනයට නුදුරුව සිට උපදෙස් ලබා දෙයි.

මේ දුම්රියේ එදින වනජීවී නිලධාරියකු ගමන්කොට නැතැයි පැවසේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා