සරසවිවලට සිසුන් 24000ක් බඳවා ගැනීමට පියවර

සරසවිවලට සිසුන් 24000ක් බඳවා ගැනීමට පියවර

2013 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට මෙවර උපරිමව සිසුන් 24000ක පිරිසක් බඳවා ගැනීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

අතිරේක ප්‍රවේශය, විශේෂ ප්‍රවේශය යටතේ ඇතුළත් වන සිසුන්ද ඇතුළුව මේ සිසුන් 24000 බඳවා ගැනෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අතිරේක ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා පැවසීය.

ලබන පෙබරවාරි මාසය වන විට විශ්විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ කටයුතු සියල්ල අවසන් කරන බවද ඒ මහතා කීවේය.

එම කාල සීමාවේදී නායකත්ව පුහුණු වැඩපිළිවෙළද ක්‍රියාත්මක කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමට ඇතැම් විශ්වවිද්‍යාල මඟින් පවත්වන ප්‍රායෝගික පරීක්ෂණ හා අභියෝගතා පරීක්ෂණ මේ දිනවල සිදු කෙරෙන බව පැවසු ඒ මහතා මේ වන විටත් සිසුන් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු බොහොමයක් නිම කර ඇති බවත් කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා