රැදවියන් ප්‍රවාහනයට බස් රථ 8ක්

රැදවියන් ප්‍රවාහනයට බස් රථ 8ක්

රැඳවියන් අධිකරණ වෙත ප්‍රවාහනය කිරීමට මෙතෙක් විශාල අඩුපාඩුවක්ව තිබූ බස් රථ 08ක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ලබාදීම බන්ධනාගාර මූලස්්ථානයේ දී සිදු කෙරිණි.

මෙම බස්රථ 8 කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මහර, දුම්බර, අනුරාධපුර,, කළුතර, කුරුවිට, සහ ගාල්ල බන්ධනාගාර වල රැඳවියන් ප්‍රවාහන සේවයට එක් කිරීමට නියමිතය.

මෙම ප්‍රවාහන අපහසුතා නිසා අධිකරණ කටයුතු සඳහා රැඳවියන් ගෙන ඒමේ දී සුළු වැරදි සම්බන්ධයෙන් රඳවා සිටින ළමයින් සහ අපරාධකරුවන්, එකම බස් රථයක් තුළ ගෙනයාමට සිදුවීම එම ළමයින්ගේ අනාගතයට බලපාන බැවින් මෙම බන්ධනාගාර ප්‍රවාහන සේවාව විධිමත් කිරීමට දිගුකලක සිට අවශ්‍යතා පැන නැගී තිබිණි.

රැඳවියන් ප්‍රවාහනය සඳහා තවත් බස්රථ 50ක් සේවයට එක් කිරීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැලසුම් සකස් කර තිබෙන අතර, ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය හිමිවී තිබේ.

අලුතෙන් සේවා ඇරැඹීම සඳහා බන්ධනාගාර වලට ලබාදුන් බස්රථ සම්බන්ධයෙන් අදාළ ලියකියවිලි බන්ධනාගාර අධිකාරිවරුන්ට ලබාදීම පසුගියදා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා අතින් සිදු කරන ලදී.

මේ උත්සවය බන්ධනාගාර කොමසාරිස් (සැපයුම්) ලක්ෂ්මන් අබේගුණවර්ධන මහතා විසින් සංවිධානය කළ අතර, එයට බන්ධනාගාර කොමසාරිස්වරුන්, අධිකාරිවරුන් සහ සහකාර අධිකාරිවරු ද සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා