ත්‍රි’මලේ සිසුන් 5ක් ඝාතනයට සැක STF සෙබළු 13 දෙනා යළි රිමාන්ඩ්

ත්‍රි’මලේ සිසුන් 5ක් ඝාතනයට සැක STF සෙබළු 13 දෙනා යළි රිමාන්ඩ්

සිසුන් පස් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා සෙබලුන් 13 දෙනා යළිත් ලබන 09දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් යු.එල්.ඒ. අස්හාර් මහතා නියම කළ අතර අංක එකේ සිට 18 දක්වා සාක්ෂිකරවන්ට එදිනම අධිකරණය හමුවේ පෙනී සිටිනලෙස නොතිසි නිකුත් කළේය.

2006 ජනවාරි 02 දින ත්‍රිකුණාමලය ගාන්ධි පිළිරුව අසලදී වෙඩි වැදි සිසුන් පස් දෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ 13 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කර තිබුණි.

 

 

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා