ගුණාත්මක දේශීය නිෂ්පාදන ජනතාවට ලබා දීම රජයේ අරමුණයි

ගුණාත්මක දේශීය නිෂ්පාදන ජනතාවට ලබා දීම රජයේ අරමුණයි

ජනතාවට ගුණාත්මක දේශීය නිෂ්පාදන ලබා දීම රජයේ අරමුණ බවත් ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් කෘෂිකර්ම අමාත්‍යාංශය රජය සමඟ එක්ව ක්‍රියාත්මක කරන බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

පිටරටින් ආනයනය කරන කිරිපිටි ඇතුළු විවිධ ආහාර ද්‍රව්‍යවල සෞඛ්‍යයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු බැවින් දේශීය නිෂ්පාදන භාවිතයට ජනතාව යොමු කරවීම කාලෝචිත ක්‍රියාවක් බවත් ඇමැතිවරයා කීවේය. අබේවර්ධන මහතා මේ අදහස් පළ කළේ බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී "දියවන්නා ෆැමිලි පෙයාර්" වෙළෙද ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (4) එක් වෙමිනි.

එහිදි අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ඉදිරි අනාගතය ශ්‍රී ලංකාව බාර ගැනීමට නීරෝගීමත් අනාගත පරපුරක් අපට අවශ්‍ය බවයි. ඒ අවශ්‍යතාව සපුරාලීමට නම් සෞඛ්‍යදායි ආහාර පානද අවශ්‍ය බව ප්‍රකාශ ක‍ළ ඇමැතිවරයා නිරෝගිමත් පරපුරක් බිහි කිරිමේ වගකීම රජයට තිබෙන බවත් කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා