පොදු රද මඩුලු සමුළුවෙන් මෙරටට ලබා ගත හැකි දැනුම අවබෝධය ඉතා විශාලයි

පොදු රද මඩුලු සමුළුවෙන් මෙරටට ලබා ගත හැකි දැනුම අවබෝධය ඉතා විශාලයි

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමෙන් ලෝකයේ එක් එක් රටවල් සම්බන්ධයෙන් විශාල දැනුමක්, අවබෝධයක් අපේ රටට ලබාගත හැකි බව මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා පවසයි.

ලොව සෑම කලාපයකටම අයත් රටවල් පොදුරාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන බව පෙන්වාදෙන මහාචාර්යවරයා ඒ අනුව විවිධ ජාතීන්ට, භාෂාවන්ට මෙන්ම සංස්කෘතීන්ට අයත් රටවල රාජ්‍ය නායකයන්, විදේශ කටයුතු ඇමැතිවරුන් ඇතුළු සෙසු නියෝජිතයන් අපේ රටට පැමිණෙන බවද මෙය ඉතාම වැදගත් අවස්ථාවක් බවද පෙන්වා දෙයි.

එළඹෙන නොවැම්බර් මාසයේ 10 දා සිට 17 දා දක්වා පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව වෙනුවෙන් ලෝකයේ රටවල් 53ක රාජ්‍ය නායකයන් සහභාගිවන බව පෙන්වාදෙන ඒ මහතා මෙය සියලු අංශයන්ගේ එකතුවක් ලෙස හැදින්විය හැකි බවද සදහන් කරයි.

විශේෂයෙන්ම මෙවැනි සම්මන්ත්‍රණයක් ආවරණය කිරීමේදී මාධ්‍යවේදීන්ට වැදගත් කාර්යභාරයක් ඇතැයි සදහන් කරන මහාචාර්යවරයා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් 500ක් මෙන්ම විදේශීය මාධ්‍යවේදීන් 500ක් සහභාගිවීමට නියමිත බවද කියා සිටී.

‍දියුණු මට්ටමක පවතින අද ලෝකයේ මාධ්‍ය වාර්තාකරණය ඉතා දියුණු අන්දමින් කළහැකි බවද ඒ වෙනුවෙන් සියලු පාර්ශවයන් කටයුතු කළයුතු බවද හෙතෙම පෙන්වාදෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා