බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කළ වැලි ටිපර් 8ක් මහනුවර දී කොටු වෙලා

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කළ වැලි ටිපර් 8ක් මහනුවර දී කොටු වෙලා

වැලි කියුබ් 3කට අවසර තිබුණත් 4ක් ගෙන ගිහින්

රට වටා වැලි බෙදන ජාවාරමක්

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් නියමිත ප්‍රමාණයට වඩා වැලි ප්‍රවාහනය කරමින් තිබූ ‍ටිපර් ලොරි අටක් මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය මගින් පෙරේදා (03) අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර තැන්නකුඹුර ප්‍රදේශයේදී සිදු කළ හදිසි සෝදිසි කිරීමකදී මෙම ලොරි රථ අත්අඩංගුවට ගෙන ඇත.

බලපත්‍රයේ වැලි කියුබ් 03ක් ප්‍රවාහනය කිරීමට අවසර තිබුණත් මෙම ලොරි රථවල වැලි කියුබ් 04 බැගින් තිබූ බව පොලිසිය පවසයි.

මහියංගනයේ සිට දිවයිනේ ප්‍රදේශ රැසකට ලොරි රථ වලින් දෛනිකව වැලි ප්‍රවාහනය කරන අතර මෙම ලොරි රථවලින් නියමිත ප්‍රමාණය ඉක්මවා වැලි රැගෙන යන බවට ලැබුණු ‍තොරතුරක් මත මෙම වැටලීම පොලිසිය සිදු කර තිබේ.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී. අඹන්වල මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදුකෙරෙයි.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා