සොර කල්ලියක තිදෙනෙක් බඩුත් සමඟ දැලේ

සොර කල්ලියක තිදෙනෙක් බඩුත් සමඟ දැලේ

දොම්පේ දෙල්ගොඩ ප්‍රදේ්ශවල සොරකමේ යෙදිලා

සැකකරුවන් රිමාන්ඩ්


මීගහවත්ත පොලිස් ස්ථානාධිපති එස්. ඩී. ආර්. ප්‍රියන්ත හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එල්. ඒ. විමලරත්න මහත්වරුන් විසින් එම වැටලීමේ දී සොයා ගත් භාණ්ඩ පරීක්ෂා කර බැලූ අයුරුයි මේ.

ඡායාරූපය - මල්වාන සමුහ

දොම්පේ හා දෙල්ගොඩ ප්‍රදේ්ශවල සොරකමේ යෙදුණ සොර කල්ලියක තිදෙනකු මීගහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඒ සමඟම මොවුන් විසින් සොරකම් කරනු ලැබූ රුපියල් ලක්ෂ දොළහක් පමණ වටිනා අත් ට්‍රැක්ටරයක්, ලී වැඩ යන්ත්‍රයක්, පෑස්සුම් යන්ත්‍රයක් හා කන්ටේනර් රථවල ටයර් දහයක් සොයා ගැනීමට ද පොලිසියට හැකි වී තිබේ.

මොවුන් විසින් එම අත්ට්‍රැක්ටරය නිකවැරටිය ප්‍රදේ්ශයට ද එම යන්ත්‍ර දෙක මල්වාන ප්‍රදේශයට ද ටයර් පූගොඩ ප්‍රදේශයට ද විකුණා තිබිණි.

කඳුබොඩ ප්‍රදේශයෙන් අත් ට්‍රැක්ටරයක් දෙල්ගොඩ ප්‍රදේශයේ අලුතින් තනා ගෙන යන නිවාසවල වැඩට රැගෙනවිත් තිබූ එම යන්ත්‍ර දෙකත් රාත්‍රි කාලයට මහමග නතර කර තිබූ කන්ටේනර්වල තිබූ එම අමතර ටයර් ද මොවුන් මෙසේ සොරකම් කර ඇත.

දොම්පේ, කටුලන්ද හා දෙල්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මේ තිදෙනා මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය වෙත ඉදිරිපත් කරන ලදුව රක්ෂිත බන්ධනාගාර ගත කළාය.

මේ වැටලීමට මීගහවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. ඩී. ආර්. පි‍්‍රයන්ත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එල්. ඒ. විමලරතන, සැරයන් කුලරත්න (18145), පො.කො. රත්නමල්ල (36501), අබේසිංහ (6015), ඉන්දික (61335), කුමාර (6879) හා බණ්ඩාර (78118) යන නිලධාරීහු සහභාගි වූහ.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා