විපක්ෂයට ඡන්ද කාර්යාලයක්වත් විවෘත කරගන්න නොහැකි වෙලා

විපක්ෂයට ඡන්ද කාර්යාලයක්වත් විවෘත කරගන්න නොහැකි වෙලා

මැතිවරණයකදි පක්ෂයකට නීත්‍යානුකූලව ලබාදෙන කාර්යාලයක් හෝ මධ්‍යම පළාතේ විවෘත කරගැනීමට නොහැකි තත්ත්වයකට විපක්ෂය පත්ව ඇති බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

ඒ හේතුවෙන් ඇතැම් කොට්ඨාසවල මැතිවරණය ඇල් මැරුණු ස්වභාවයක් මෙන්ම විපක්ෂය ස්වාධීන කණ්ඩායමකටත් වඩා පහළට වැටී ඇති බව කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (4) පැවැති මාධ්‍ය හමුවේදි ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.

ගලගෙදර මැතිවරණ කොට්ඨාසයට යොදවා ඇති එජාප අපේක්ෂකයා වෙනත් ප්‍රදේශයකින් ගෙන්වා ඉදිරිපත් කර ඇති බව පවසන ඒ මහතා එම කොට්ඨාසයේ එජාප පාක්ෂිකයෝද රජය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව පැවසීය.

මේ තත්ත්වය එක් කොට්ඨාසයකට පමණක් සීමා නොවුවක් බවත් මැතිවරණය පැවැත්වෙන සෑම පළාතකටම මෙවැනි ඉරණමක් අත්ව ඇති බවත් පෙරේරා මහතා කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා