පොදු රද සමුළුවට බ්‍රිතාන්‍ය අගමැතිගේ සහ විදේශ ඇමැතිගේ පැමිණීම ස්ථිරයි

පොදු රද සමුළුවට බ්‍රිතාන්‍ය අගමැතිගේ සහ විදේශ ඇමැතිගේ පැමිණීම ස්ථිරයි

ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව සඳහා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ විදේශ කටයුතු ඇමැති විලියම් හේග් මහත්වරුන්ගේ සහභාගිත්වය ස්ථිර බව බ්‍රිතාන්‍යය රජය අවධාරණය කරයි.

තමා සහ අගමැතිවරයා ඇතුළු නියෝජිත කණ්ඩායමක් ඒ වෙනුවෙන් සහභාගිවන බවට බ්‍රිතාන්‍යය විදේශ කටයුතු ඇමැති විලියම් හේග් මහතා ප්‍රකාශ කරයි.

බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ දී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ කටයුතු ඇමැතිවරයා මේ බව සදහන්කර ඇතැයි වාර්තා වෙයි.

මේ අතර විදේශ කටයුතු ඇමැතිවරයා සදහන්කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් මෙන්ම මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කර තිබෙන බවයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය අනාගතය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන සමුළුව සඳහා සහභාගිවන බව ද විලියම් හේග් මහතා සදහන් කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා