අපේ කෘෂි කර්මාන්තය නැංවීමට රුසියා සමූහාණ්ඩුවේ එකඟතාව

අපේ කෘෂි කර්මාන්තය නැංවීමට රුසියා සමූහාණ්ඩුවේ එකඟතාව

ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයට දියුණු කිරීම සඳහා සහයෝඟය ලබාදීමට රුසියානු සමූහාණ්ඩුව එකඟතාවය පළකරයි.

කෘෂි කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඉදිරියේදි ලබාදීමට පියවර ගන්නා බවද ඒ අනුව එළවළු හා පලතුරු වගාවන්ට හා දියර කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන බවද රුසියානු සමූහාණ්ඩුවේ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති ඉල්යා ෂෙස්ට්කොව් මහතා ප්‍රකාශ කරයි.

රුසියානු සමූහාණ්ඩුවේ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හමුවී පැවැති සාකච්ඡාවේදීය.

එසේම පශු සම්පත් සංවර්ධනය, දේශිය දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම, උසස් කිරි ගවයින් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කරවීම මෙන්ම කෘෂිඅංශයෙන් වඩාත් ඵලදායී සේවාවක් හා නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවට ලබාගැනීම පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

රුසියානු සමූහාණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ශ්‍රී ලංකා රජයේ අදාළ අංශවල ඉහළ පෙළේ නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා