මා දේශපාලනයට ආවේ දුප්පත්කම නැති කරන්නයි

මා දේශපාලනයට ආවේ දුප්පත්කම නැති කරන්නයි

‍වෛද්‍ය වෘත්තිය අතහැර තමන් දේශපාලනයට පැමිණියේ සමාජ අසාධාරණය සහ දුප්පත්කම නැති කර සැම දෙනාටම එක හා සමානව ජීවත් විය හැකි සමාජයක් ගොඩ නැඟීමට යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

දේශපාලනයට එදා එවැනි ගෞරවනීය තත්ත්වයක් තිබුණ ද අවාසනාවකට අද දේශපාලනය තුළ එවැනි උතුම් තත්ත්වයක් පවතින්නේ නැතැයි ද කීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ මාතලේ දිස්ත්‍රික්යේ පැවැති ජනහමු රැසක් අමතමින්ය.

එහිදී ඔහු මෙසේද කීය.

අපි දේශපාලනයට ආවේ මේ රටේ දුගී දුප්පත්කම නැත් කරන්නයි. මේ රටේ අසාධාරණයට එරෙහිව අපි එදා දේශපාලන බිමේ නැඟී සිටියා. අද තිබන්නේ කාලකන්ණි,

ඔඩුදුවපු ඕජස් ගලන තුවාලයක් වැනි දේශපාලනයක්. ඒ දේශපාලනයට අපි අයත් නැහැ. මා වෛද්‍යවරයකු

ලෙස රෝහල්වල සේවය කරන විට දහස් ගණන් ජනතාවගේ ලෙඩ දුක් සුවපත් කරන්නට කැප වුණා. ජීවිත ගණනක් බේරාගත්තා. ඒ සේවාවන් ක‍‍ළේ මුදල් බලාපොරොත්තුවෙන් නොවෙයි. මේ රටේ දේශපාලනය දුප්පත්කම නිර්මාණය කරනවා. එය දේශපාලඥයන් මතක

තබා ගත යුතුයි.

1988 දී පළමු වරට පළාත් සභා පිහිටු වීමට මේ රටේ ජනතාව විශාල කැප කිරීමක් කළා. එදා පළාත් සභා පිහිටු වන විට ජනතා විමුක්ති පෙරමුණ බිත්තිවල පෝස්ටර් ගැහුවා" පළාත් සභා යනු ඊළමකි" යනුවෙන්. ඔවුන් එදා කිව්වේ පළාත් සභාවකින් තවත් පළාත් සභාවකට

යාමට වීසා බලපත්‍ර අවශ්‍යයි කියා. ඒ ආකාරයට ජනතාව නොමඟ යැවූ ජනති විමුක්ති පෙරමුණ පළාත් සභාවට ඉදිරිපත් වන සැම කෙනෙකුම මරා දමන බවට ද බිය කළා‍. ඡන්දය දමන්නට යන පළමු වැනියාගේ අත කපා දමන බවට ද කර්ජනය තළා. ඇඟිලි, බෙල්ල, මුහුණ කපා දමන බවට නිර්ණාමික තර්ජන එල්ල කළා.එහෙම තර්ජන තිබියදීත් අප රට වටාම ගොස් ඡන්ද සටන මෙහෙය වූවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා