ඡන්දයට හැඳුනුම්පත් ගැනීමේ කාලය දීර්ඝ කරයි

ඡන්දයට හැඳුනුම්පත් ගැනීමේ කාලය දීර්ඝ කරයි

මධ්‍යම, උතුරු සහ වයඹ පළාත් සභා මැතිවරණය සඳහා තාවකාලික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් මස 10 වන දින දක්වා දීර්ඝ කර තිබේ.

ඡන්දපොළේදි ඡන්දදායකයාගේ අන්‍යනතාව තහවුරු කර ගැනීම අනිවාර්ය බැවින් වලංගු හැඳුනුම්පත් නොමැති ඡන්ද හිමියන් ඉතා ඉක්මනින් තාවකාලික හැඳුනුම්පත් ලබා ගත යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ස්වකීය හැඳුනුම්පත අපැහැදිලි හෝ දුර්වර්ණ වී ඇති ඡන්ද හිමියන්ට හා ඡන්දය දීම සඳහා වලංගු බවට නියම කර ඇති හැඳුනුම්පත් නොමැති ඡන්ද හිමියන්ට අඟල් 1x 1 1/4 ප්‍රමාණයේ වර්ණ හෝ කළු සුදු පිටපත් 02ක් රැගෙන අදාළ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී හෝ වතු ආශ්‍රිත ප්‍රදේශවලදී වතු අධිකාරිවරයා විමසීමෙන් ඔවුන් හරහා මැතිවරණ දෙපාර්තමේන්තුව නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත ලබා ගත හැකි බව මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා