විග්නේෂ්වරම්ගේ කතාව තරයේ හෙළා දකිනවා

විග්නේෂ්වරම්ගේ කතාව තරයේ හෙළා දකිනවා

 ජානිපෙ අවධාරණය කරයි

එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් නොවන බව හා ප්‍රභාකරන් යනු ත්‍රස්තවාදියෙක් නොව දෙමළ ජනතාවගේ වීරයෙක් බව, දෙමළ ජාතික සන්ධානයේ සී. වී. විග්නේෂ්වරම් මහතා කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම හෙළා දකින බව, ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.

උතුරු නැඟෙනහිර යළි ඒකාබද්ධ කර නැවත ඊළම් සිහිනය සැබෑ කර ගැනීමේ වෑයමක මොවුන් සියලු දෙනා නිරත වන බව ද ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය. ඊයේ (4) ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවක් බත්තරමුල්ල පිහිටි කාර්යාලයේ දී පැවැත්වුණු අතර එයට සහභාගී වෙමින් මුසම්මිල් මහතා එම අදහස් ප්‍රකාශ කළේ ය.

එහිදී මෙසේ ද කීය.

දෙමළ ජාතික සන්ධානය විටින් විට විවිධ අදහස් ප්‍රකාශ කර සිටිනවා. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියලා තියනවා ආයුධ තිබුණොත් ප්‍රෙඩරල් වලට වඩා බලයක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ යළිත් ආයුධ අතට ගත්තොත් ඊළමක් ලබා ගන්න පුළුවන් කියන කාරණයයි.

නවනීදන් පිල්ලේ මහත්මිය උතුරේ සංචාරය කරලා ජන ජීවිතවල ඇති වෙනස්කම්, දියුණුව බැලුවේ නැහැ. ඇය ප්‍රභාකරන් මිය ගිය ස්ථානයට ගිහින් මල් වඩමක් තබන්න පවා උත්සහ කළා. නමුත් ඇය හමුදාවේ රණවිරුවන්ට මල්වඩම් තබන්න ඕන කියලා කිව්වේ නැහැ. ඇයට උවමනා වුණේ බෙදුම්වාදීන්ට පණිවිඩයක් දෙන්න බෙදුම්වාදීන් වෙනුවෙන් අපි ඉන්නවා කියලා.

විග්නේෂ්වරම් කියන්නේ ප්‍රභාකරන් වීරයෙක් කියලා. ඇල්ෆ‍්‍රඩ් දොරේඅප්පා, නීලන් තිරුචෙල්වම්, ලක්‍ෂමන් කදිරගාමර් මරා දැම්ම අය වීරයො ද කියලා අපි ඔහු ගෙන් අහන්න කැමැතියි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා