බයිට් වූ මිහිර නඩු මගට

බයිට් වූ මිහිර නඩු මගට

පෞද්ගලික නාලිකාවක විකාශය වෙන ‘මෙගා බයිට්’ වැඩසටහනේදී දරුණු වධ හිංසාවලට ලක් වූ රංගන ශිල්පී මිහිර සිරිතිලක මහතා අදාළ රූපවාහිනී ආයතනයට එරෙහිව නඩු මගට බසින බව ‘දිනමිණ’ ට පැවසීය.

මේ සිද්ධිය සාකච්ඡා කර විසඳා ගැනීමට එම රූපවාහිනී ආයතනයේ නිලධාරීන් සාකච්ඡා කර තිබේ.

එසේ සමථයකට පත් කර ගැනීමට නම් තමා විසින් ඉදිරිපත් කරන කොන්දේසිවලට එකඟ විය යුතු බව සිරිතිලක මහතා පවසා ඇත.

යම් ආකාරයකින් තමා ඉදිරිපත් කරන කොන්දේසිවලට රූපවාහිනී නාලිකාවේ නිලධාරීන් එකඟ නොවුනහොත් නීතිඥවරුන් සමඟ සාකච්ඡා කර ඔහුට සිදු වූ පීඩාවට ආයතනයට එරෙහිව නඩු මගට බසින බව ඔහු පවසයි.

තමාට වන්දි වශයෙන් මුදල් ලබා ගැනීමට වඩා මෙම වැඩසටහන තුළින් කලාකරුවන්ට මුහුණපෑමට සිදු වූ හානිය තවදුරටත් සිදුවීමට ඉඩ නොතැබීම අරමුණ බවද සිරිතිලක මහතා කීය.

මීට පෙර මෙම වැඩසටහන තුළින් තවත් කලාකරුවන් රැසකට මෙවැනිම ආකාරය පීඩා විඳීමට සිදුවී තිබේ.

එහෙත් එම රූපවාහිනී ආයතනය තරහා කර ගැනීමට නොහැකි නිසා ඔවුන් ඊට එරෙහිව කටයුතු කර නැත. මෙම වැඩසටහන වහාම නවත්වන ලෙසට කලාකරුවෝ ඉල්ලා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා