ආයුර්වේද සංරක්ෂණ මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කළ දා

ආයුර්වේද සංරක්ෂණ මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කළ දා


සුව පියස විවෘත කරමින් පළාත් ඇමැති ජගත් අංගගේ මහතා පීත්ත පටිය කැපූ අයුරු. පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාද පසෙකින් සිටී.

පානදුර ප්‍රජා සෞඛ්‍ය ඒකකයට අනුබද්ධ සුව පියස ආයුර්වේද ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ මධ්‍යස්ථානය බස්නාහිර පළාතේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ජගත් අංගගේ මහතා විසින් පසුගියදා විවෘත කරන ලදී.

මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම සනිටුහන් කරමින් ප්‍රදේශයේ ජනතාව අතර බෙදාදීම සඳහා ඔසු පැළ බීජ දාහක්ද එම මධ්‍යස්ථාන භූමියේ රෝපණය කළ බව පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කීවේය.

පානදුර කෙසෙල්වත්ත මීරියවත්ත තොටුපළ පාරේ ස්ථාපනය කර ඇති මෙම ප්‍රජා සෞඛ්‍ය ඒකකය ටික කලක් අබලන්ව තුබූ අතර ඒ අවධිය එම මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා සුව වූ අයගේ පරීක්ෂා කළ මුදල් වලින් රුපියල් ලක්ෂ හයක් මෙවර වැයකර එය නවීකරණය කර සංවර්ධන කළ බවද ඒ මහතා කීවේය.

මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රදේශයේ ජනතාවට දේශීය වෛද්‍ය ප්‍රතිකාර කරනු ලබන අතර දේශීය වෛද්‍ය ක්‍රමය අනුව ජනතාවට ප්‍රතිකාර කරන ආකාරය පිළිබඳව ප්‍රදේශයේ තරුණ තරුණියන් පුහුණු කරන බවද හෙතෙමේ පැවැසීය.

ප්‍රජා සෞඛ්‍ය ඒකකය ජනතා අයිතියට පැවරීම ජගත් අංගගේ බස්නාහිර සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරන ලද අතර පානදුර ප්‍රාදේශීය ලේකම් කේ.ජී. විජේසිරි බස්නාහිර පළාතේ ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ම.ගේ. නිමල් කරුණාසිරි යන මහත්වරු සහ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී බෝමී එදිරිසිංහ මහත්මියද මේ අවස්ථාවට සහභාගී වූවාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා