මීගමුව අවට නිවෙස්වලට ඇතුළුවී ලක්ෂ 23ක දේපළ සොරාගෙන

මීගමුව අවට නිවෙස්වලට ඇතුළුවී ලක්ෂ 23ක දේපළ සොරාගෙන

තරුණයන් හතර දෙනකු සැකපිට අල්ලයි

රන් භාණ්ඩ ඇතුළු ලක්ෂ 23ක් පමණ වටිනා දේපළ සොරකම් කළ අවුරුදු 22, 23 අතරේ සම වයසේ හතරදෙනකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සොරකම් කළ දේපළ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.


කොට්ඨාස පොලිස් අධිකාරී ජයන්ත ලියනගේ මහතා හා කණ්ඩායම් නායක පොලිස් සැරයන් සුදත් ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගත් දේපළ සමඟ.

දිවා කාලයේ නිවාසවල පිටුපස දොර කඩා එම නිවාස වලට ඇතුළුවී දේපළ සොරකම් කිරීම මෙම සැකකරුවන් කර තිබුණි.

සැකකරුවන් තලාහේන, දළුවකොටුව, කොච්චිකඩේ යන ප්‍රදේ්ශවල පදිංචි කරුවන්ය. මෙහි නායකයා විවාහකයෙක් වන අතර අනෙක් තිදෙනා අවිවාහකයෝ ය. දෙදෙනෙක් පාසල් මිතුරන් ය. අනෙක් දෙදෙනා අසල්වාසීන්ය.

තදින් මත්කුඩු බීමට ඇබ්බැහි වී ඇති මේ අය සොරකම් කරන දේපළ විකුණා ලැබෙන ආදායම සම, සමව බෙදා ගැනීම සඳහා ගිවිසුමකට එලඹ ඇත.

මෙවැනි අපරාධ කීපයක් මේ හතර දෙනාගේ කණ්ඩායම විසින් මීට පෙර කර තිබෙන අතර මාරවිල, මීගමුව යන අධිකරණවල එම සිද්ධීන් සම්බන්ධ නඩු විභාග වෙමින් පවතී.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී අපරාධ 13ක් කර තිබෙන බවට කරුණු අනාවරණය විය.

කොච්චිකඩේ, මීගමුව, පමුණුගම යන ප්‍රදේශවල මෙම අපරාධ සිදුකර තිබේ.

ස්වර්ණාභරණ, ඩිජිටල් කැමරා, වීඩියෝ කැමරා, ජංගම දුරකතන, අත් ඔරලෝසු, ලැප්ටොප්, මෙම සොරකම් කළ දේපළ අතර විය. මීගමුව, කොච්චිකඩේ, ජා-ඇළ යන ප්‍රදේශවල මෙම භාණ්ඩ උගස් කර හා අලෙවි කර ඇති බවට හෙළි විය.

නිවාසවල ගෙවත්තේ ගේට්ටුවට පිටතින් ඉබි යතුරු දමා හෝ අගුල් දමා ඇත්නම්, එම නිවැසියන් බැහැරව ගොස් ඇති බවට තීරණය කර එම නිවාස දේපළ සොරකම් කිරීම මේ කණ්ඩායමේ ඉලක්කය වී ඇතැයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබුණි.

කොට්ඨාස පොලිස් අධිකාරී ජයන්ත ලියනගේ මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහේෂ් මලවීර මහතාගේ අධීක්‍ෂණය යටතේ පොලිස් සැරයන් සුදත් ගුණවර්ධන, ;හ්රත්, පොලිස් කොස්තාපල්වරුන් වන පෙරේරා, ජයසූරිය, කපිල, බුද්්ධික, කාන්තා පොලිස් කොස්තාපල් චන්දිමා යන කණ්ඩායම එක්ව මෙම වැටලීම සිදු කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා