හොඳම ග්‍රාම නිලධාරියා බටවල වසමෙන්

හොඳම ග්‍රාම නිලධාරියා බටවල වසමෙන්


හෝමාගම ප්‍රාදේශීය ලේකම් ප්‍රදිප් යසරත්න මහතා, බටවල ග්‍රාම සේවා නිලධාරි ධම්මික කරුණාතිලක මහතා සමඟ මෙහි සිටී.

හෝමාගම සංචාරක-මංංජුල හිරිපිටිය

කොළඹ දිස්ත්‍රික්කයේ 2012 වසරේ හොඳම ග්‍රාම සේවා නිලධාරි ලෙස හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බටවල ග්‍රාම සේවා නිලධාරි ධම්මික කරුණාතිලක මහතා පත් වී ඇත.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහතුනක පවතින ග්‍රාම සේවා වසම් තුන්සිය තිස් දෙකක් අතර, පැවති තරගයේ ප්‍රථම ස්ථානය කරුණාතිලක මහතා හිමි කර ගැනීම නිමිත්තෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ඇගයීමේ උත්සවයක් පැවැත්විණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා