මිරිදිය මත්ස්‍ය පොකුණු ඉදිකරයි

මිරිදිය මත්ස්‍ය පොකුණු ඉදිකරයි

වතු කම්කරුවන්ගේ පෝෂණ තත්ත්වය නගාසිටුවීම සඳහා වතු සමාගම්වලට අයත් වතු විසිපහක මිරිදිය මත්ස්‍ය පොකුණු ඉදිකිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය රුපියල් මිලියන දෙකක මුදලක් අනුමත කර ඇතැයි කළුතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ ඩබ්. ශාන්තප්‍රිය මහතා කීවේය.

වතු සමාගම්වලට අයත් කොටපොල වතුයාය, නමුණුකුල වතුයාය, අගලවත්ත, හොරණ සහ කොටගල යන වතුවල මේ නව ව්‍යාපෘතිය යටතේ මාළු පොකුණු පනහක් ස්ථාපනය කරන බවද ඒ මහතා කීවේය.

මෙම පොකුණුවල මත්ස්‍යයන් ඇති කිරීම සඳහා එක් පොකුණක් වෙනුවෙන් රුපියල් 37500/=ක් ලබාදෙනු ඇති බවද හෙතෙම පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා