ආබාධ සහිත අය පුනරුත්ථාපන පදනම් නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන දා...

ආබාධ සහිත අය පුනරුත්ථාපන පදනම් නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන දා...

කළුතර දිස්ත්‍රික් ලේකම් සහ දිස්ත්‍රික් ආබාධ සහිතවූවන් පුනරුත්ථාපන පදනමේ සභාපති යූ. ඩී. සී. ජයලාල් මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කළ ප්‍රාදේශීය ආබාධ සහිතවූවන් පුනරුත්ථාපන පදනම් නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහනක් පසුගියදා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මීට සමගාමීව කළුතර දිස්ත්‍රික් විශේෂ ප්‍රජා අවස්ථා අරමුදල සහ සමාජ සේවා අමාත්‍යාංශ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ මහලේකම් කාර්යාලයේ අනුග්‍රහය ඇතිව 2012 අ. පො. ස. (සා. පෙළ) විභාගයට ඉදිරිපත්ව විශිෂ්ට ලෙස සමත් කළුතර දිස්ත්‍රික්කයේ සිසුන් ඇගයීමට ලක්කෙරිණි.

එමෙන්ම කළුතර දිස්ත්‍රික් ආබාධිත පුනරුත්ථාපන පදනම මගින් 2013 වර්ෂයට අ. පො. ස. (සා. පෙළ) සමත් පාසල් දරුවන් 14 දෙනකුට ශිෂ්‍යත්ව පිරිනැමීමත්, කළුතර දිස්ත්‍රික් ප්‍රජා අවස්ථා අරමුදලට ආධාර පිණිස පවත්වන ලද ලොතරැයි වැඩසටහනේ පළමු, දෙවැනි හා තෙවැනි ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය ද සිදුකැරිණි.

මීට අමතරව ලොතරැයි පත් අලෙවි කිරීම වෙනුවෙන් ප්‍රා. ලේ. කාර්යාලවලට කොමිස් මුදල් පිරිනැමීම දේශන කීපයක් ද මෙදින පැවැත්විණි.

මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පදනම් නිලධාරීන්, ආබාධිත සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා