කාපට් කළ කොට්ටුන්න මාර්ගයේ කොටසක් වැසිදාට මඩ වගුරක්

කාපට් කළ කොට්ටුන්න මාර්ගයේ කොටසක් වැසිදාට මඩ වගුරක්

පයින් ගමන් කරන්නත් බැහැ

බලධාරීන්ගේ අවධානයක් නැහැ


බස් රථයක් කොට්ටුන්න වෙලට

පෙරළීී ඇති අයුරු

ඡායාරූපය- ලක්ෂාන් මධුරංග

සපුගස්කන්ද සමෘද්ධි මාවතේ පවර් හවුස් මංසන්ධියේ සිට බියගමට ඇති එකම විකල්ප මාර්ගය කොට්ටුන්න මාර්ගයයි.

කොට්ටුන්න මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කළ මුත් කිලෝමීටරයක පමණ දුරක් කිසිදු ලෙසකින් සංවර්ධනය නොකිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් මෙන්ම දෛනිකව මාර්ගයේ ගමන් ගන්නා ජනතාව දැඩිලෙස අපහසුතාවයට පත්ව සිටී.

දිනකට රථවාහන රැසක් බියගම, මල්වාන, කඩුවෙල, මාලඹේ, පාර්ලිමේන්තුව, අවිස්සාවේල්ල මාර්ගයටත් ප්‍රවිශ්ඨ වීමටත් අනෙක් පසින් මාකොළ, කිරිබත්ගොඩ, කඩවත ප්‍රදේශයන්ට හුවමාරු වීමටත් භාවිත කරන විකල්ප මාර්ගයත් මෙය වෙයි.

නමුත් කාපට් අතුරූ මෙම මාර්ගයේ දෙපස සිරිදේවමිත්ත, යෝගාශ්‍රම සහ කොට්ටුවන්න ඔය, හරහා දිවෙන කි. මී.1ක දුර දැඩිලෙස අබලන් වී ඇත.

යතුරු පැදියකටවත්, මගියකුටවත් මාර්ගයේ පයින් ඇවිද යාමටවත් නොහැකිවන අයුරින් මාර්ගයේ විශාල වළවල් සෑදී ඇත.


මඩ වගුරක් වී ඇති මාර්ගයේ කොටසක්

වැසි දිනකට මාර්ගය මඩ ගොහොරුවකි. පවර් හවුස් මංසන්ධියේ සිට බියගම නව නුවර පාර දක්වා දිවෙන කොට්ටුන්න මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට මිලියන 50ක මුදලක් වෙන්කර තිබුනද මෙම කි. මි1ක පමණ දුර මඟහැර සෙසු දුර කාපට් අතුරා සංවර්ධනය කිරීම අනුවණ ක්‍රියාවක් බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

බලධාරීන්ගේ කුඩම්මාගේ සැළකිල්ලට ලක්ව ඇති කොට්ටුන්න මාර්ගයේ මෙම කොටස සංවර්ධනය කර දෙන ලෙස ගම්වාසීහු බලධාරීන්ට කොතෙකුත් දැනුවත් කළත් ඒ සියල්ලම ගඟට කැපූ ඉනි සේ පළක් වී නැත.

කොට්ටුන්න ප්‍රදේශයේ ජනතාවගේ මේ ඉල්ලීමට බලධාරීන් සතුටුදායක පිළිතුරක් ලබාදෙනතුරු ප්‍රදේශයේ ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා