සිරියාවට එරෙහි හමුදා ප්‍රහාරයකට අමෙරිකාවේ වැඩිදෙනා විරුද්ධයි

සිරියාවට එරෙහි හමුදා ප්‍රහාරයකට අමෙරිකාවේ වැඩිදෙනා විරුද්ධයි

සිරියාවට එරෙහි හමුදා ප්‍රහාරයක් සඳහා එක්සත් ජනපදයේ ඇති සූදානමට ලැබෙන විදේශ සහාය වැඩිවෙමින් පවතිද්දී එවන් හමුදා ක්‍රියාමාර්ගයකට එක්සත් ජනපද ජනතාවගෙන් දැඩි විරෝධය පලව තිබෙන බව අලුත්ම සීමිත මත විමසුම් දෙකකින් අනාවරණය වී තිබේ.

රසායනික අවි භාවිතා කළ බවට සිරියාවට එරෙහි ව නැගී ඇති චෝදනාව අනුව එරටට ‍එරෙහිව හමුදා ප්‍රහාරයක් සිදුකිරිමට දරන ප්‍රයත්නය සම්බන්ධයෙන් පිව්

පර්යේෂණ කේන්ද්‍රය පැවැත්වු සීමිත මත විමසුමේදී අමෙරිකානුවන්ගෙන් 48% ක් එය හෙළා දැක ඇත. ඊට සහාය පලව ඇත්තේ 29% කගෙන් පමණි.

මිට අතිරේකව වොෂින්ටන් පෝස්ට් - ඒ බී සි සීමිත මත විමසුමේදී සිරියාවට මිසයිල ප්‍රහාරඑල්ල කිරීමට අමෙරිකානුවන් 10 දෙනෙකුගෙන් 6 දෙනකුම එරෙහිව ඇත.

අමෙරිකානුවන්ගෙන් සිරියාවට එරෙහි යුද ප්‍රහාරයක ට බහුතර සහායක් පලවන්නේ ඩිමොක්‍රැටික් පාක්ෂියන්ගෙන් නමුත් රිපබ්ලිකන් පාක්ෂිකයන් 40% ක් ඊට විරුද්ධ අතර 35% කගේ සහාය පලව ඇති බවත් පිව් සීමිත මත විමසුමට අනුව අනාවරණය වී තිබේ.

එහෙත් පෝස්ට් - ඒ බී සී සමීක්ෂණයට අනුව ඩිමොක්‍රැටික් පාක්ෂිකයන් මෙන්ම රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ යුද විරෝධය එකහා සමාන තත්ත්වයක පවතී. මෙහිදි ස්වාධීන කොටස් වඩාත් යුද විරෝධත්වයක් ප්‍රකාශ කර තිබේ.ඔවුන්ගෙන් 30% ක් යුද සහාය පල කර ඇති අතර 66% ක්ම ඊට එරෙහිවී තිබේ.

පිව් විමසුමට අනුව අමෙරිකානුවන්ගෙන් 74%ක්ම සිතන්නේ සිරියාවට එරෙහි ප්‍රහාරයක් අමෙරිකාවට මෙන්ම ඔවුන්ගේ මිත්‍ර ශීලීන්ට පාරාවලල්ලක් වනු ඇති බවය. එය දිගුකාලීන හමුදා ක්‍රියාදාමයකට මුල පිරිමක් බව 61% ක් ප්‍රකාශ කර තිබේ.

මෙම සමික්ෂණයන් ද්වයම ප්‍රතිචාරකයන්1000 ක් හා 1012 ක් සහභාගිකරගනිමින් සිදුකර ඇත.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා