හදිසි නීතිය ඉවත්කරන බවට ඊජිප්තු ජනපතිගෙන් පොරොන්දුවක්

හදිසි නීතිය ඉවත්කරන බවට ඊජිප්තු ජනපතිගෙන් පොරොන්දුවක්

සැලසුම්කර ඇති පරිදි ලබන වසරේදී ඊජිප්තුවේ මැතිවරණ පැවැත්වෙනු ඇති බවට ඊජිප්තු අන්තර් වාර රජයේ ජනාධිපති ඇඩ්ලි මන්සූර් ප්‍රතිඥා දී තිබේ .තවද මේ මාසයේ මැද භාගයේ දි හදිසි අවස්ථාව ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසා ඇත .

පසුගිය අගෝස්තු 14 වෙනිදා ඊජිප්තුවේ හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කළේ සිය ගණනකට මරු කැඳවු මොර්සි ආථධාරකරුවන්ගේ කඳවුරු කඩා දැමිමේදි ඇතිවූ ගැටුම් හේතුවෙනි . අසල්වාසි කටාර් රාජ්‍ය මොර්සිට අධාර සැපයිම ද ඔහුගේ විවේචනයට ලක්වි තිබේ .

පසුගිය ජූලි 3දින ජනාධිපති මොර්සි බලයෙන් පහ කිරිමෙන් අනතුරුව ජනාධිපති මන්සූර් මෙසේ පවසා ඇත්තේ ඔහු සහභාගිවූ රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවේ දීයි. රටේ ආර්ථිකයට සහ ආයෝජනය අඩාල කිරීමට හේතුවන ත්‍රස්තවාදය එරට ක්‍රියාත්මක වන බවද ඔහු මෙහිදී පවසා තිබේ කවර පාර්ශවයක් එල්ල කළත් සිරියාවේ රසායනික අවි ප්‍රහාරය හෙළා දකින බවද ජනාධිපතිවරයා මෙම සම්මුඛ සාකච්ඡාවේදී අවධාරණය කර තිබේ .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා