සිනමාවට... ටෙලිනාට්‍යයට... වසන්තයක්......

සිනමාවට... ටෙලිනාට්‍යයට... වසන්තයක්......

අක්කර 235ක පරිශ්‍ර පරිමාව තුළ දැවැන්ත දර්ශනතල, කඩවීදි, වෙළෙඳ සංකීර්ණ, නාගරික ගොඩනැඟිලි, පාසල්,, කඩමංඩි, රෝහල්, උසාවි සංකීර්ණ ගොඩනැඟී ඇත. මෙම සුවිසල් අවකාශයෙහි යම් නිර්මාණකරුවකුට තමා අභිමත, එහෙත් දැනට එහි නොමැති දර්ශන තල තමන්ට අවශ්‍ය පරිදි නිර්මාණය කර ගත හැක. 120-80 ප්‍රමාණයේ දැවැන්ත චිත්‍රාගාරයක් එහි ඉදිවී ඇත. නිෂ්පාදන කණ්ඩායමක සාමාජිකයින් සිය දෙනෙකු සඳහා ඉතා උසස් මට්ටමේ නවාතැන් පහසුකම් මෙන්ම ‘පලා’ නම් වූ සුපිරි ද්විත්ව මැඳුරු දහයෙහි විසි දෙදෙනෙකුට විසිය හැකිය. ඇඳුම් ආයිත්තම් සඳහා සුවිසල් ඡාලර් තිර පිටපත් හා අනෙකුත් නිර්මාණාත්මක ලේඛන සඳහා ඉඩ කඩ මෙහි සැපයෙන පහසුකම් අතර වේ. මෙහි තවත් අදියර දෙකක් සම්පූර්ණ වීමට තිබේ.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ දෙවන ධුර කාලය මෙම මස 18 වනදායින් ආරම්භ වේ.

සිය ප්‍රථම ධුර කාලය තුළදී එතුමාගෙන් අප දැයට දායාද වූ මහඟුම දායාදය තිස්අවුරුදු ත්‍රස්තවාදයෙන් අප මුදා ගැන්මය......

ඒ පිළිබඳව මේ වන විට බොහෝ දේ ලියැවී ඇත.

ඒ අතරතුරම එතුමා කළ තවත් බොහෝ දේ අතර, ශ්‍රී ලාංකේය ටෙලි සිනමා ක්ෂේත්‍රද්වයෙහි ප්‍රවර්ධනය උදෙසා ජාතියට දායාද කරනු ලැබූ ‘රන් මිහිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානය” ඉතා වැදගත් තැනක් ගනියි.

1970 දී චිත්‍රපට සංස්ථාව ඇති කිරීමෙන් පසුව රජයක් විසින් සිනමාවට ලබා දුන් මාහැගිම දායාදය මෙම ටෙලි සිනමා උද්‍යානයයැයි කීම අතිශයෝක්තියක් නොවේ.

රන්මිහිතැන්න ටෙලිසිනමා උද්‍යානය ඉදිවීමේ කතාව මීට වසර කිහිපයක් ඈතට දිව යන්නකි. වර්ෂ 2006 අයවැය ඉදිරිපත් කිරීමේදී “ආනයනනය කරනු ලබන අධ්‍යාපනික, වාර්තාමය වැඩසටහන් හැර විදේශීය චිත්‍රපට හා ටෙලිනාට්‍ය සඳහා රුපියල් හැත්තෑපන්දහසක (රු.75000/=) විශේෂ බද්දක් පැනවීමට මම යෝජනා කරමි. මේ මගින් ලැබෙන ආදායම දේශීය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කර්මාන්තය නගා සිටුවීමට යොදා ගනු ඇත.”යනුවෙන් මුදල් අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ මෙම අයවැය ප්‍රකාශය එහි ඇරැඹුම විය.

එහි ප්‍රතිඵලයක් ලෙසින් 2006 අංක 11 දරන මුදල් පනතේ 8වන වගන්තිය සමඟ කියැවෙන උක්ත පනතේ 6 වන වගන්තිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44වන (2) ඡේදය යටතේ ජනාධිපතිතුමා විසින් කරනු ලබන මුදල් (ටෙලිනාට්‍ය, චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් බද්ද) නියෝග 2006 අංක 1 ලෙස හදුන්වන ලදී. එයින් හදුන්වා දෙන ලද මෙම බදු පැනවීම පිළිබඳ නියෝග ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු 2006 අංක 1 දරණ ආණ්ඩුවේ ආදායම් ආරක්ෂා කිරීම (විශේෂ විධිවිධාන) පනත නමින් විශ්ලේෂණය කර 2006 ජනවාරි 06 වෙනි දින සිට බලපාන නියෝග බවට පත්වුණි.

ජනපතිතුමාගෙන් කලාවට ලැබුණු මඟු ත්‍යාගය රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය

මෙලෙස බදු මුදලක් පැනවීමෙන් පසුව ඇති කෙරුණු අරමුදලේ අරමුණ වූයේ දේශීය සිනමාව, හා ටෙලිනාට්‍ය කර්මාන්තයේ සංවර්ධනය උදෙසා යම් වැඩපිළිවෙළක් සකස් කිරීමය. මෙහිදී කරුණු කිහිපයක්ම යෝජනා වූ අතර, ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ටෙලිසිනමා ගම්මානයක් ඇති කළ යුතුයැයි අදහසක් ද ඇතිවිය.

මේ අවස්ථාවේදී ඒ සඳහා රජයේ ඉඩමක් ලබා දීමට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් විය.

2008 වසරේ නොවැ 30 වන දින රන් මිහිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානයට මුල්ගල් තැබුණු අතර, 2010 මාර්තු මස 30 වන දින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාණන් විසින් එය ජාතියට දායාද කරනු ලැබීය.

මේ වන විට මෙම ටෙලි සිනමා උද්‍යානය තුළ චිත්‍රපට මෙන්ම ටෙලිනාට්‍ය කිහිපයක්ද රූගත කිරීම් අවසන් කර ඇත. එහි ප්‍රථමයෙන්ම රූගතකිරීම් සිදුකළ සුදත් රෝහණගේ ‘ස්වයංජාත’ ටෙලිනාට්‍ය මේ දිනවල දී විකාශය වීමද අරඹා ඇත.

අක්කර 235ක පරිශ්‍ර පරිමාව තුළ දැවැන්ත දර්ශනතල, කඩවීදි, වෙළෙඳ සංකීර්ණ, නාගරික ගොඩනැගිලි, පාසැල්,, කඩමංඩි, රෝහල්, උසාවි සංකීර්ණ ගොඩනැගී ඇත. මෙම සුවිසල් අවකාශයෙහි යම් ශිලිපිනියකුට තමා අභිමත, එහෙත් දැනට එහි නොමැති දර්ශන තල තමන්ට අවශ්‍ය පරිදිනිර්මාණය කර ගත හැක.

120ය80 ප්‍රමාණයේ දැවැන්ත චිත්‍රාගාරයක් එහි ඉදිවී ඇත. නිෂ්පාදන කණ්ඩායමක සාමාජිකයින් සිය දෙනෙකු සඳහා ඉතා උසස් මට්ටමේ නවාතැන් පහසුකම් මෙන්ම ‘පිලා’ නම් වූ සුපිරි ද්විත්ව මැදුරු දනයෙහි විසි දෙදෙනෙකුට විසිය හැකිය.

ඇඳුම් ආයිත්තම් සඳහා සුවිසල් පැලර තිර පිටපත් හා අනෙකුත් නිර්මාණාත්මක ලේඛන සඳහා ඉඩ කඩ මෙහි සැපයෙන පහසුකම් අතර වේ. මෙහි තවත් අදියර දෙකක් සම්පූර්ණ වීමට තිබේ.

මෙම කාර්යාවලියට සමගාමීව ඉදිකෙරෙන හම්බන්තොට වරාය හා ගුවන් තොටුපළ මෙහි රූගත කිරීම් සඳහා පැමිණීමට නියමිත විදේශිකයන්ගේ නිර්මාණ ක්‍රියාවලිය සඳහා යටිතල පහසුකම් සපයයි.

මේ වනවිටත් විදේශ චිත්‍රපට කණ්ඩායම් මෙම සිනමා උද්‍යානය නව රූගත කිරීම් සඳහා වෙන් කරවා ගෙන ඇත. රන්මිහිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානය අනාගත පරපුර වෙනුවෙන් කළා වූ යහපත් ආයෝජනයකි. එය මානව සම්පත් සංවර්ධනයක් ලෙස අගය කළ යුතුය.

ඉන්දියාවේ බොලිවුඩ් සිට, ඇමරිකාවේ හොලිවුඩ් සිට කෙළින්ම හම්බන්තොට ගුවන්තොටුපලින් බැස රන්මිහිතැන්නට ගොඩ වදින චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ශ්‍රී ලංකාවේ ශිල්පීන්ගේ දායකත්වයෙන් චිත්‍රපටයක් නිර්මාණය කර හම්බන්තොටින් ගුවන්ගත වන දිනය ලඟදීම උදා වනු ඇත.

එයින් රටට විදේශ විනමයත්, ප්‍රචාරයත් ලැබෙනු ඇත. එය අතිගරු ජනාධිපතිතුමාගේ සිහිනයක් සැබෑවීමකි.


සබැඳි පුවත්