ජනපති අසිරිය

ජනපති අසිරිය

දක්‍ෂිණ ලංකා රෝහණ දේසේ, මැදමුලනින්, පායන දිණිදා ණනී
ලක්බිම රජයන සක්විති ගුණ බල දසත ලොවේ පතුරන විරුවා ණනී
රත්තරනින් රන්, කිරුළු පලන්දන, සතර වරම් දෙව් රජවරු නී
තෙරුවන් සරණින් දෙව් රැකවරනින් සුරැක්වා අප නර නිඳු නී

පුරහඳ වටකර පායන තරුසේ ලෝ ජන නායක බල මුලුවේ
සතුරු බලය හිරු දුටු ගණඳුරු සේ දියවී යයි නෙද බල හමුවේ
මිතුරු සතුරු කැළ හොඳ හැටි දැනගෙන ඔබ යන රජ මග ජය දද නැංවේ
“සවැනි මිහිදු” නම ලක් ඉතිහාසේ රාජාවලියේ බැබලේ වී

මේ සියවසේ ඔබ වැනි ජන නායකය න්
නෑ බිහිවන්නෙ පෙරමඟ ලකුණින් දන් නේ
පෙර කළ ඔබේ බෝසත් ගුණ මතු වන් නේ
ආසියාවෙ අසිරිය වී වැඩඹෙන් නේ

පෙරදිග ලෝකයේ උත්තම රට වන් නේ
වී ගොවි තැනින් අටු කොටු පිරිලා යන් නේ
ජීවන දුකින් රට වැසියා මුද වන් නේ
රට දැය සමය සුරලොව අසිරිය ගන් නේ

- සිරි කෝරළෙ ආරච්චි
 


නිමල නාමය

රුහුණු පුරුයෙන් ලබා සවි බල - ඉපිද වැඩෙමින් දිනා පිය පස
නැඟුව දස අත අබිරු ඔද තෙද - දවා රුපු සිත්විදා ජය ගොස
වෙලාවට නිසි නැඟී මතුවී - පවුරු බිඳලූ යොමා නැණ ඇස
මිහිඳු රජ පස් නිමල නාමය - සදා සුදිලෙයි උදා හිරු ලෙස

කුරිරු අදි රද වියරු සුලි දැක දැකත් - ආපසු නොමැත හැරුනේ
රටට වින දුන් කොටින් වනසා - ඔබෙනි නිදහස් දොරටු ඇරුනේ
දෙවැනි වරටත් කිරුළ ජනපති දිනා - ඔරැදෙන සිහළ දෙරණේ
රජින්දානණි ඔබට පිහිටයි - දිනෙන් දින තෙරුවනේ සරණේ


- මල්ලිකා හෙට්ටිආරච්චි
සහකාර ලේකම් (කම්කරු සබඳතා)
රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය
 


අභිමන පුදමු

පිබිදෙන රුහුණ හම්බන්තොට මුදුන් කොට
ඉදිවුණ වරායේ මංගල නැවේ සිට
සමරන උපන් දිනෙ, ජනපති තුමන් හට
අභිමන පුදමු චිර ජීවය ලබන් නට

උපන් දිනෙයි - ජනපති වීමයි දෙවැනි
ලබන් සතුට අභිමානෙන් යුතු නිතිනී
පෙරන් වරායේ ජලයෙන් පැන් තුටිනී
අරන් ඉසිමු නව වසරට ජය ලෙසිනී

ගුවන් තොටින් මත්තල ඉදිවන යෝද
ගුවන් නැගී මුල් යානෙන් පා නාද
උපන් දිනේ බැබළී එන වස රේද
උපන් දිනේ සැමරේවා ලෙස යෝද

දරන් කිරුළ ලක් දෙරනේ දෙවැනි වර
අරන් සවිය දෙවියන් - බුදු මෙනෙහි කර
ලබන් සතුට පොදු ජනතාවගෙන් තිර
චිරං ජයතු - වැජඹේවා නිරන් තර


- තිස්සමහාරාම
ඩී.කේ. අබේනායක



රට භාරයි නුඹට පුතේ

පායා ආව නව හිරුසඳු නිල් අඹරට
තුන්බිය දුරුවුනා ලක්වැසි මේ ඇයට
සාමයේ පරෙවිය, නිල් අඹරේ සිටි වෙලාවට
ඇරයුම් කළා ජනපතිදුන් රජකමට

කන්දෙනු හැකිවුණු ඒ ගෞරව ඇරයුමට
නිවහල් දෙසේ ගොඩනැගුමට දෙවනුවට
හැකිවෙයි ආශ්චර්ය ගොඩ නැගුමකට
ලක්වැසි අපගෙ ජනපති ඔබ හෙට දිනට

- උමයංගනී රත්නායක


චිරං ජයතු සැරදේ

මැදමුලන වීරකැටියෙහි ඉපද නම
මුලු ලෝකයෙහි දිනුව ජනපති තුමගෙ නම
මගෙ දිවි ගෙවෙන තුරු සමරමි ඔබගෙ නම
චිරං ජයතු, සැරදේ ජනපතිගෙ නම

යුද අවසන් කළ ජනපති මහින්ද
රට එක්සත් කළ ජනපති මහින්ද
වගා සටන ගෙන යන අපෙ මහින්ද
චිරං ජයතු සැරදේ අපෙ මහින්ද


එස්. කේ.ඩී. පියසේන
ගම්පහ



ජනහඳ සුවඳ කළ සෙන්පති

දැයේ මිනිසුන් හෙළන කඳුළක දුක දකින ජන නායකයාණෙනි
හෙළන සුසුමින් පවා ජනහද සුවඳ කළ හිත මිත්‍රයාණෙනි
මවට මෙන් පියෙකුටද මෙන් දුක කියත හැකි විය සුහදයාණෙනි
ඔබට නොව ජනහිසට කිරුළක් පැළදූ සෙන්පති වීරයාණෙනි


- රංජනී හ්‍යාමලී පීරිස්

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්