“ෂෙල් සමාගම රක්ෂණයට පවරා ගැනීමේ විප්ලවය”

 “ෂෙල් සමාගම රක්ෂණයට පවරා ගැනීමේ විප්ලවය”

විප්ලවීය ව්‍යාපාරික තීන්දුවක්

එදා කොළඹ ගෑස් සමාගම (Colombo Gas Company)  1995 වර්ෂයේ දී ෂෙල් ගෑස් සමාගම වෙත පැවරුනේ ලෝක වෙළෙඳ රටාව තුළ පෞද්ගලීකරණය තහවුරු කළ තවත් පියවරක් වශයෙනි.

සපුගස්කන්ද පිරිපහදුව

ලංකා හොස්පිටල්

එතැන් සිට වසර 15 කට පසුව 2010 නොවැම්බර් මස 03 දින ශ්‍රී ලංකා රජය යටතට ෂෙල් සමාගමේ අයිතිය හුවමාරු වූයේ ව්‍යාපාරික ලොව ම මවිතයට පත් කළ දෛවෝපගත සිදුවීමක් ලෙසිනි.

ඇතමුන් රජය විසින් ව්‍යාපාරික කටයුතුවලට අත ගැසීම ප්‍රඥාගෝචර ක්‍රියාවක් ලෙස නොදකින, රජයේ මැදිහත්වීම ව්‍යාපාරික පරිහානියට අත වනන ක්‍රියාවක් ලෙස සිතන යුගයක ෂෙල් සමාගමේ අයිතිය ශ්‍රී ලංකා රජය විසින් මුදල් ගෙවා ලබා ගැනීම සුවිශේෂ වූ ව්‍යාපාරික තීන්දුවකි.

මුළු ව්‍යාපාරික ලෝකය ම රජයේ කාර්යක්ෂමතාව පිළිබඳ දෑස් විවර කර බලා සිටින සුවිශේෂ වූ සංසිද්ධියකි.

එවන් අවිනිශ්චිත වාතාවරණයක අමෙරිකානු ඩොලර් මිලියන 63 ක් (රුපියල් බිලියන 07 ක්) වැනි මුදලක් ගෙවා ෂෙල් ආයතනය මිලදී ගැනීමේ තීරණය රටේ අනාගතය කෙරෙහි බලපාන දැවැන්ත අභියෝගාත්මක තීරණයකි.

මෙකී අභියෝගයට එක්සිත්ව, නොසැලී සහයෝගය ලබාදෙන ලද්දේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවයි. 2009 වසරේ උසාවි තීන්දුවක් අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නැවත රජයේ අයිතියට භාරවීම ද තවත් ඓතිහාසික ව්‍යාපාරික හා පරිපාලන සිදුවීමකි.

අද දින ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ද තමන්ට උරුම වූ රක්ෂණයේ ප්‍රමුඛස්ථානය සාර්ථකව උරුමකර ගනිමින් පවතී. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මූල්‍යමය ශක්තිය රුපියල් බිලියන 06 ක ප්‍රාග්ධනයකින් ද, රුපියල් බිලියන 73.6 ක වත්කම් සම්භාරයකින් ද සමන්විතය.

පසුගිය මාස 10 තුළදී ජීවිත රක්ෂණ පිරිවැටුම රුපියල් බිලියන 4.8 ක් ද, සාමාන්‍ය රක්ෂණ පිරිවැටුම රුපියල් බිලියන 07 ක් ද ලබා ගැනීමට සමත්වීම අතිවිශිෂ්ට ය. රුපියල් බිලියන 41.5 ක දැවැන්ත ජීවිත රක්ෂණ අරමුදලකද හිමිකරුවෙකි.

එතැනින් නොනැවතී එදා ඇපලෝ හොස්පිටල් අද ලංකා හොස්පිටල් නමින් රක්ෂණ සංස්ථාව යටතේ පෞද්ගලික සමාගමක් ලෙස පවත්වා ගෙන යනු ලබයි.

දීපව්‍යාප්ත ශාඛා 127 කින් සමන්විත ශාඛා ජාලය පාරිභෝගික රාජ්‍ය සුරක්ෂිතභාවය ද තහවුරු කරමින්, කඩිනම් විශ්වාසනීය පාරිභෝගික සේවාවන් ද

වරල්ඩ් ෆයිනෑන්ස් 2010
සම්මාන සහතිකය

පෙරටු කරගෙන ජනතා හිතවාදී ව්‍යාපාරයක් ලෙස ඉදිරියට පිය නැගීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අරමුණයි. දෛනිකව මිලියන 31 කට අධික හිමිකම් ගෙවීමේ හැකියාව ඇගයීම වස් RAM RATING AAA සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙහෙයුම් පද්ධතියේ විශිෂ්ට ප්‍රමිතිය අගය කරනු ලැබුවේ ISO 2008/9001 සම්මානයෙනි. ශ්‍රී ලංකාවේ හොඳ ම රක්ෂකයා ලෙස ගෞරව නාම ලැබූ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව WORLD FINANCE 2010 ජාත්‍යන්තර සම්මානයෙන් ද, උපහාර ලැබීම අපට මහඟු ආඩරම්බරයකි.

වසර 33 ක කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය සාර්ථක ලෙස නිම කළ වත්මන් ජනාධිපතිවරයා විසින් මෙහෙයවනු ලැබූ විශිෂ්ට ලෙස ජයගත් ව්‍යාපාරික සංග්‍රාමයක් වශයෙන් මෙය හැඳින්විය හැකි යි.

එකී ව්‍යාපාරික සංග්‍රාමය ජය ගැනීමට එතුමාට රක්ෂණ සංස්ථාවේ සභාපතිතුමා, අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාරිත්වය මෙන් ම සුවිශේෂ වූ සේවක මණ්ඩලයේ ද නොමද සහයෝගය නිරන්තරයෙන් ම හිමි වේ.

අද දින දෙවන කාල පරිච්ඡේදයකට පිය ඔසවනු ලැබූ ඔබතුමා විසින් ගනු ලැබූ මෙකී සුවිශේෂි වු දූරදර්ශී ව්‍යාපාරික තීන්දුව හෙට දින මුළු රටම කෘතවේදීව සිහිපත් කරනු ඇත.

චිරං ජයතු අප ජනපති

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්