එක් වෙමු රටේ සැම ජනපති රකින්නට

එක් වෙමු රටේ සැම ජනපති රකින්නට

ජීවිත පොතේ පිටු පෙරලා එකින් එක
ඔබ කළ මෙහෙය මිනිසෙකු ලෙස අහිංසක
මේ යන ගමන් මග ලෝකය ඇහින් දැක
ආසිරි පතමි කවි මල්ගෙන ටිකින් ටික

ජනාධිපතිතුමා සිරි දළදා වහන්සේගේ
ආශීර්වාදය ලබා ගනිමින්...

සුදු පාලනෙන් මවුබිම මිදුනට පස්සේ
මතුවුන අමුතු සෙවනැලි අහුමුළු අස්සේ
ඒවට මුහුණදී නිවැරදි මඟ ඔස්සේ
ඔබ දුටු ගැමුණු ලෙසටය එළියට බැස්සේ

කොටි හඬ මවා පාරට තුළ මහ යෝද
බලයක් මවන්නට එජපය උනි හාද
අවි ආයුධ දෙමින් එසවූ විට පාද
දියසෙන් කුමරු දුටුවෙමි ඒ ඔබ නේද?

ආගම් ජාති කුල මල පක්ෂ අතහැර
සියලුම දෙනා ඔබ රැකගතිය වටකර
ජනතා ලේ බිබී කොටි කරපු උවදුර
දුරුවන් කලා විරුවන් සමඟ පිරිවර

යුද ජය නිසා අත දුන් විට සිඹින්නට
සමහරු එරෙහි වී ආවලු හපන්නට
කළගුණ නොදත් අය පලවා හරින්නට
එක් වෙමු රටේ සැම ජනපති රකින්නට

ජනපති කමේ හිදලද පදවිය දෙවෙනි
අරඹන දිනේ ඉතිහාසය තුළ මෙවැනි
විස්කම් නොපෙන්නූ අය ජනපති තුමනි
රැකගනු මැනවි ලක් මවගේ පුතනුවනි

වන්දිය ගෙවන්නට රැකදුන් අපගේ දිවි
පවතින තුරුම ඔබෙ රුව ඇත හදෙහි මැවි
පදවිය බලමි ආශාවෙන් සිනහ වෙමි
මගෙ හද ගැස්ම නවතින තුරු ලියමි කවි

ආනන්ද සරත් කුමාර

පුත්තලම දිස්ත්‍රික්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හා

වයඹ පළාත් සභා මන්ත්‍රී

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්