ගොවිකමට අභිමානය දුන් සොඳුරු නායකයා

ගොවිකමට අභිමානය දුන් සොඳුරු නායකයා

දේදේශපාලනය ලේ උරුමයක් බවට පත් වූ ගිරුවාපත්තුවේ රාජපක්‍ෂ පරම්පරාවෙන් 1970 දී හම්බන්තොට දිසාවේ බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් එවකට ලාබාල ම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට එක් වූ “මහින්ද රාජපක්‍ෂ” නම් මානව හිතවාදී නිරහංකාර කෘතහස්ත දේශපාලනඥයා මුළු මහත් ශ්‍රී ලාංකීය ජාතියේ භාරකරුවා ලෙස ජනපති පුටුවට පත් විය.

තම ජනාධිපති පළමු ධූර කාලය අවසන් කර දෙවැනි මැතිවරණයේ දී අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා පදවි ප්‍රාප්ති වන මොහොතේ ගෙවුණු වසර 05 පිළිබඳ මහින්ද චින්තනයෙන් පුබුදු වූ නව සමාජ සංස්කෘතික, ආගමික සංවර්ධනය පැසසුම් සහගතය.

ලාංකීය කෘෂිකර්මාන්තයේ දැවැන්ත පෙරළියක් ඇතිවූයේ “මහින්ද චින්තනය” ක්‍රියාත්මක වීමත් සමඟ ය. මෙය කෘෂිකර්මයේ පුනර්ජීවන වූ කාල සීමාව ලෙස හැඳින්වීමට හැකි ය. ලෝකය පුරා ආහාර අර්බුදයක් ඇති වී මුළු ලෝකය ම ආහාර අහේනියකට මුහුණ දුන් අවස්ථාවේ දී ලෝක ආහාර අර්බුදයට මුහුණ දීමට අපට හැකි වූයේ ජනාධිපතිතුමන් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීන්දු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම හේතුවෙනි.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් ලාංකීය ගොවි ජනතාව වෙත හදවතින් ම ළඟා වූ ගොවි බිමේ ගුණ සුවඳ හඳුනන දේශීය දේ අගයමින් රට තුළ කෘෂිකර්මාන්තයේ වෙනසක් ඇති කරන්නට හැකි විය.

ජල හිඟයෙන්, ඉඩම් හිඟයෙන්, වගා පාළුවෙන් අස්වැන්න විකුණාගත නොහැකිව, අධික ණයබරින් හා ඉහළ මිලකට පොහොර ගෙන ගොවිතැන් බත් කරන ගොවි ජනතාව විඳි දුක් ගැහැට අපමණය.

කෘෂිකර්මාන්තය හා බැඳුණු අනෙකුත් ආයතන මේ වන විට විකුණා හා පෞද්ගලිකරණය කර තිබුණ ද එයට ද මුහුණ දෙමින් රටට බත සපයන ගොවියා වෙනුවෙන් “ වී අලෙවි මණ්ඩලය” නැවත ස්ථාපිත කරමින් එදා වී කිලෝවක් රුපියල් 9 – 12 අතර මුදලකට අලෙවි වූ අතර ගොවීන් ඉල්ලා සිටියේ එය රු. 13.50 කර දෙන ලෙසට ය. එහෙත් අද වන විට වී කිලෝ එකක් රු. 28 – 35 අතර මිලට අලෙවි වේ. ගොවීන් ගේ වී ගැටලුවක් නැතිව අලෙවි කළ හැකි අන්දමට වී අලෙවි මණ්ඩලය ස්ථාපිත කරන ලදී.

 අධික පොහොර මිල දරාගැනීමට නොහැකි නිසාවෙන් අවශ්‍ය පොහොර ප්‍රමාණය වගාවන්ට යෙදීම නිවැරදිව සිදු වූ නිසාවෙන් අපේක්‍ෂිත අස්වැන්න ලබාගැනීමට නොහැකි විය. වී වගාව සඳහා අවශ්‍ය පොහොර කිලෝ 50 මිටියක් රුපියල් 350 කට ගොවියාට ලබා දීමට ජනාධිපතිතුමන් ක්‍රියා කිරීම තුළින් රටේ අස්වැද්දවෙන බිම් ප්‍රමාණය ඉහළ නැඟීමත් සමඟ ම අස්වැන්න ද වැඩි විය.

ගිය කන්නය වන විට රජය පොහොර සහනාධාරය වෙනුවෙන් වැය කළ මුදල රුපියල් මිලියන 101,888.36 (බිලියන 102 යි) කට අධික ය. 2005 වසරේ දී රට තුළ වගා වූයේ කුඹුරු ඉඩම් හෙක්ටයාර් 337,000 ක් වැනි ප්‍රමාණයකි. 2009 වසර වන විට එය හෙක්ටයාර් 1053000 දක්වා ඉහළ නැඟ ඇත.

පුරන් කුඹුරු අස්වැද්දවීම ශීඝ්‍ර ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් හරහා සිදු විය. ඒ යටතේ පුරන් කුඹුරු අක්කර 38,871 ක් අස්වැද්ද වූ අතර උතුරු වසන්තය හරහා පුරන් කුඹුරු අක්කර 6000 ක් ද අලුතින් අස්වැද්දවීම සිදු කර ඇත.

”අපි වවමු රට නඟමු” දේශීය ආහාර දිරිගැන්වීමේ ජාතික වැඩසටහන ආරම්භ කරමින් රටට අවශ්‍ය ආහාර රට තුළ නිෂ්පාදනය කිරීමටත්, ආනයනය අඩු කර ගැනීමටත් හැකියාවක් ලැබූ අතර, එමඟින් වී වගාවේ වර්ධන වේගය 14% කින් වැඩි වූ අතර අනෙකුත් බෝගයන් හි ද කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට හැකි විය.

දේශීය මිරිස් නිෂ්පාදනයේ ද වාර්තාගත ඉහළ යාමක් දැක ගැනීමට හැකි විය. 2005 වසරේ දේශීය මිරිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 13200 ක් වූ අතර 2009 වන විට එය මෙට්‍රික් ටොන් 51,000 ක් දක්වා වැඩි වූ අතර ම බඩඉරිඟු නිෂ්පාදනයේ ද අති විශාල වැඩි වීමක් දක්නට ලැබිණි. 2005 දී මෙට්‍රික් ටොන් 41,800 ක් පමණ වූ දේශීය බඩඉරිඟු නිෂ්පාදනය 2009 දී මෙට්‍රික් ටොන් 112500 දක්වා වැඩි වී තිබිණි.

කෘෂි බෝග අපනයන අංශයේ ද සැලකිය යුතු වර්ධනයක් ගෙවුණු වසර 05 තුළ දැක ගැනීමට හැකි විය.

රටක ආර්ථිකයේ දියුණුව මැන බැලෙන එක් සාධකයකි රටේ නිෂ්පාදනය වැඩි වීම හා අපනයනය කිරීම. අපනයන බෝග ලෙස කුරුඳු, ගම්මිරිස්, කාරාබු නැටි, සාදික්කා, කරඳමුඟු යන සුළු අපනයන බෝග අපනයනයෙන් 2005 වසර තුළ ලබාගැනීමට හැකිව තිබුණේ රුපියල් මිලියන 9575 ක් වැනි සුළු මුදලකි. එය 2009 වන විට රුපියල් මිලියන 20,000 කට අධික විය.

පලතුරු හා එළවළු අපනයනය තුළින් රුපියල් මිලියන 1762 ක මුදලක් 2005 වසරේ දී ලබාගත්ත ද එය 2009 වන විට රුපියල් මිලියන 4225 ක් දක්වා වැඩි කර ගැනීමට හැකි වූයේ අපනයන ප්‍රමාණය වැඩි කර ගැනීම තුළින් ය. පලතුරු හා එළවළු අපනයනයේ දී භාවිත කළ පසු අස්වනු තාක්ෂණය ද මෙයට තරමක පිටුවහලක් විය.

කවදත් දෑකට හුරු නගුල අතට ගත් ජනාධිපතිතුමා

2005 දී පලතුරු මෙට්‍රික් ටොන් 6566 ක් ද, එළවළු මෙ. ටොන් 14071 ක් ද, එය 2009 වන විට පලතුරු මෙට්‍රික් ටොන් 14.415 ක් හා එළවළු 19398 ක් දක්වා ඉහළ අගයකට ගෙන ඒමට හැකි වූයේ “අපි වවමු රට නඟමු” දේශීය ආහාර දිරිගැන්වීමේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීම නිසාවෙනි.

ග්‍රාමිය ගොවි ආර්ථිකය ශක්තිමත් වීමටත්, නිවෙස් පෝෂණය ඇති වීමටත් නව ගෙවතු 608205 ක් අලුතින් සංවර්ධනය කිරීමට කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ට අවශ්‍ය මඟපෙන්වීම හා දිරිගැන්වීම ලැබුණේ මහින්ද චින්තනය තුළින් ය.

කෘෂි හා පශු ක්ෂේත්‍රයේ සංවර්ධනය හා උන්නතිය උදෙසා අවශ්‍ය නිලධාරින් ලෙස උපාධිධාරීන් 450 කට ආසන්න ප්‍රමාණයක් හා පශු වෛද්‍ය නිලධාරීන් 200 ක් බඳවා ගනිමින් අවශ්‍ය මානව සම්පත වර්ධනය කර ඇත. රාජ්‍ය සේවයට එක්වීම සිහිනයක්ව පැවති කාලයක අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගැනීම තුළින් නැවත උපාධිධාරීන් හා උගත් තරුණ පිරිසට රාජ්‍ය සේවයට එක්වීමේ සිහිනය සැබෑ යථාර්ථයක් බවට පත්කිරීම සිදු කරන ලද්දේ ද මහින්ද රාජපක්‍ෂ ජනපතිතුමා විසින් ය.

ලාංකීය කෘෂිකර්මාන්තයේ තිරසාර භාවය වෙනුවෙන් රසායනික පොහොර භාවිතය අවම කරමින් කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීම සඳහා ද කටයුතු කිරීම කාලෝචිත වැඩසටහනකි. මේ සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලය හරහා කාබනික පොහොර ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කරමින් ඒ සඳහා අධිකාරියක් පිහිටුවීමට කටයුතු කිරීම අගේ කළ යුතු කාර්යයක් වේ.

ගොවිතැනට අවශ්‍ය නව තාක්ෂණය හා උපකරණ හඳුන්වා දීමත්, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීමත් සිදු විය.

ගොවිජන බැංකුව යටතේ ගොවීන් 192,000 කට රුපියල් මිලියන 1513 ක ගොවි සහන ණය ලබා දීම තුළින් නව කෘෂි ව්‍යවසායකයින් රාශියකට තම ව්‍යාපාර ඇරඹීමට අතිමහත් රුකුලක් විය.

දශක හතරකට අධික දේශපාලන අත්දැකීම් බහුල රටේ සංවර්ධනය හා සමාජ සුබසාධනය පිළිබඳ පුළුල් දැක්මක් හා අවබෝධයකින් කටයුතු කළ නිසා ම 2008 වසරේ කෘෂිකර්මාන්තයේ වර්ධනය 7.5% ක් වූ වර්ධන වේගය අද වන විට 13% දක්වා වැඩි කර ගැනීමට හැකි විය.

ලංකා ඉතිහාසයේ කෘෂිකර්මාන්තයේ වැඩි ම වර්ධන වේගය පෙන්නුම් කළ අවස්ථාව මෙය විය. 66% ක් වූ ලාංකීය ගොවි ජනතාවට අභිමානයෙන් යුතුව ජීවත්වන්නට ඔවුන් වෙනුවෙන් ගොවිතැන අභිමානවත් වෘත්්තියක් බවට පත් කරමින් ඔවුන් ගේ ජීවන මට්ටම ඉහළ දැමීමට මහින්ද චින්තනය තුළින් ලැබුණ දායකත්වය අති විශාල ය.

මහින්ද චින්තන ඉදිරි දැක්ම මගින් හෙට දවස අදට වඩා බොහෝ සේ ;වනස් වනු ඇත. ගොවිතැන සුරක්‍ෂිත ය. ගොවිතැන අභිමානවත් ජාතියක උරුමය වේ.

රටේ සෑම අස්සක් මුල්ලක් නෑර ම යෝධ සංවර්ධනයේ සෙවනැල්ල වැටී ඇත. දැරුවන් ගේ අනාගත බලාපොරොත්තුව ද ඉටු වන හා ඉටු කළ හැකි මෙන් ම ඉටු වෙන පාලනයක් නිර්මාණය වෙමින් පවතී.

මවුබිමට මෙන් ම ගොවිතැනට ද අතිමහත් ආදරයක්, ගෞරවයක් දක්වන එදා මෙදාතුර බිහි වූ ජාතික නායකයා ඔහු ය. ගොවි ජනතාවට හදවතින් ම ළඟා විය හැකි උදාර නායකයාත් ඔහු ය. මේ පොළොවේ සුවඳ හඳුනන දේශීය දේ අගයන ජනතාවාදී නායකයා ද ඔහු ය. රට වැසියන් රජුන් යැයි කී විට “මා රජෙක් නොව රටේ භාරකරුවා පමණි” නිහතමානීව කිව් ජාතියේ දරුවන් ගේ ආඩම්බරකාර තාත්තා ද ඔහු ය.

චින්තක සී. ගුණදාස

මාධ්‍ය හා ප්‍රචාරක ලේකම්

(ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන)

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්