මහින්ද චින්තනයෙන් සුරක්‍ෂිත වූමාධ්‍ය නිදහස

මහින්ද චින්තනයෙන් සුරක්‍ෂිත වූමාධ්‍ය නිදහස

ශ්‍රී ලාංකීය ජනාධිපති මහින්ද රාජපක්‍ෂයෝ සිය දෙවන ධුර කාලය ආරම්භ කරන්නේ ලොව අද්විතීය නායකයා ලෙසිණි. ලොව ප්‍රධාන පෙළේ ත්‍රස්ත සංවිධානය පරාජයට පත්කොට රටට සාමය උදා කළ එක ම රාජ්‍ය නායකයා වීමේ ගෞරවය ද ඇතිව ය.

තිස් වසරක් පුරා රටත්, ජනතාවත් භීතියට පත් කරමින් ප්‍රභාකරන් ප්‍රධාන එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය සිය ධුකාලයේ වසර දෙක හමාරක කාලයකින් පරාජයට පත්කොට රට නිවැරදි සන්ධිස්ථානයකට ගෙන එන්නට ක්‍රියා කෙළේ ය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2005 නොවැම්බර් මාසයේ දී මේ රට බාර ගන්නා විට ත්‍රස්තවාදය පරාජය කොට රට සංවර්ධනය කිරීම පමණක් නොව ත්‍රස්තවාදයට සමගාමීව ත්‍රස්තවාදින් වෙනුවෙන් පෙනී සිටි මාධ්‍ය ජාලය පරාජයට පත්කිරීමේ අභියෝගයද පැවතිණි.

මාධ්‍යය ගෝලීයකරණයට ලක්ව මාධ්‍ය වාරණයක් හෝ පාලනයක් කළ නොහැකි තරමට දැඩි මතධාරීන් ශ්‍රී ලංකාවට විරුද්ධව විවිධ ප්‍රචාරක කටයුතු ගෙන ගිය කාලයක් විය. එකල අපේ රට වෙනුවෙන් කතා කරන්නට හෝ ආයතන නොවී ය. රටේ පැවති තත්ත්වය මෙන් ම මාධ්‍ය හැසිරවී ම ද පැවතියේ වෙනස් ආකාරයකට ය.

ලොව බොහෝ රටවල මාධ්‍ය ප්‍රචලිත කර තිබුණේ ලොව බලවත් ම ත්‍රස්තවාදී සංවිධානය එල්ටීටීඊ ය බවත්, බලවත් ම නායකයා ප්‍රභාකරන් බවත් ය. මෙම ත්‍රස්ත සංවිධානයට එරෙහිව ගෙනගිය ප්‍රචාරක කටයුතු පැවතියේ ඉතා ම පහළ මට්ටමකයි.

ඊට හේතුව වූයේ 2002 වසරේ දී නෝර්වේ රජය මැදිහත් කර ගැනීමෙන් එජාප නායකයා ප්‍රභාකරන් සමඟ සාම ගිවිසුමකට එළැඹ සිටී ම ය. එම අස්සන් තැබීමත් සමඟ ශ්‍රී ලංකාව ගැන තිබුණේ හොඳ චිත්‍රයක් නොවේ. අපේ රට පිළිබඳ ලෝක මතය වූයේ දුර්වල රාජ්‍යයක් යනුවෙනි.

මෙරට ජනාධිපතිවරයෙකු ඝාතනය කොට, තවත් ජනාධිපතිවරයෙකු ඝාතනය කිරීමට උත්සහ කොට අවුරුදු 25 කට අධික කාලයක් මෙරට භීතියට පත් කර තිබූ යුගයකි. මෙම දීර්ඝ කාලය පුරාවටම ජනාධිපතිවරුන් හතර දෙනකු සමඟ ම සාකච්ඡා කළ එකම නායකයා ලෙස ප්‍රභාකරන්ට තිබුණේ දැඩි බලයකි.

එවකට පැවති රජයයන් නීතිමය වශයෙන් ද එම බලතල ලබා දී තිබුණි. ත්‍රස්තවාදීන්ගේ ඉඩම් ප්‍රමාණය මෙන් ම ත්‍රස්තවාදී නායකත්වයද පිළිගෙන තිබූ යුගයකි. එවැනි කාරණා පිළිබඳ විශාල මාධ්‍ය ප්‍රචාරයක්ද ලබා දී තිබුණි.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා බලයට පැමිණෙන්නේ ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳ පැහැදිලි අරමුණක් ඇතිව ය. ශ්‍රී ලංකාවේ සහ ඇතැම් රටවල ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙන යන මාධ්‍ය මෙහෙයුම පිළිබඳව දැඩි අවබෝධයකින් රජය පසු විය.

ත්‍රස්තවාදය පරාජය කොට සාමය උදාකිරීම මෙන්ම ඉතා ප්‍රබල තත්ත්වයක තිබූ එල්. ටී. ටී. ඊ. මාධ්‍ය ජාලය බිඳ හෙලා ශ්‍රී ලංකාව පිළිබඳ සැබෑ තත්ත්වය ලොවට හෙළි කිරීමට අවශ්‍ය මාධ්‍ය වාතාවරණය සකස් කිරීම යන අභියෝග ගණනාවකට මුහුණදීමට දැඩි ආත්ම විස්වාසයක් තිබුණි.

ජනාධිපතිවරුන් හතර දෙනකු සමඟ සාකච්ඡා පවත්වා පරාජය නොවූ ප්‍රභාකරන් මහින්ද රාජපක්‍ෂ යනු ඔහු සමඟ සාකච්ඡාවට එන පස්වැනි ජනාධිපතිවරයා පමණක් යැයි සිතන්නට ඇත. දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ඊළාම් රාජ්‍යය පිහිටුවීමේ නායක ප්‍රභාකරන්ගේ එක මයිලක්වත් හොලවන්නට නොහැකි’ යැයි මාධ්‍ය ප්‍රචාර ලබාදුන්නේ එම සිතිවිල්ලට අනුව වන්නට ද ඇත.

විරුද්ධ පක්ෂයේ නායක, ඇමතිවරයෙකු, අගමැතිවරයෙකු ලෙස 35 වසරක අත්දැකීම් සම්භාරයක් ඇති මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුªමාට අවශ්‍ය වූයේ ස්ථාවර ප්‍රතිපත්තියක ගමන් කිරීමටයි. මානුෂික මෙහෙයුම ආරම්භ වූයේ අත්දැකීම් සම්භාරයක් ඇතිව යන සර්ව මහා සැළසුම් සමඟිනි.

මීට පෙර ජනාධිපතිවරුන් හතර දෙනාම සාම සාකච්ඡා ආරම්භ කෙළේ මාධ්‍ය වාරණය කරමිණි. මහින්ද රාජපක්‍ෂ මහතා ත්‍රස්තවාදය පරාජය කරන මහා මෙහෙයුම අවසන් වනතෙක් ම කිසිදු වාරණයක් හෝ පාලනයක් නොකිරීම මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂත්වයයි.

රජයට විරුද්ධ මත දරන මාධ්‍ය ආයතන, පෞද්ගලික මාධ්‍ය ආයතන සඳහා මානුෂික මෙහෙයුම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පසුබිම සකස් කෙළේ ද රජයයි.

මානුෂික මෙහෙයුම සහ හමුදා කටයුතු පිළිබඳ තොරතුරු සැපයීමේ මාධ්‍ය මධ්‍යස්ථානය ක්‍රියාත්මක වූයේ ඒ අනුව ය.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාවට නැං වූ එම මධ්‍යස්ථානය වැඩි වගකීමක් ඇතිව ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා රජයේ ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරමින් පැය 24 පුරා ම ක්‍රියාත්මක විය.

ඊට අමතරව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙහෙයුම් ප්‍රචාරක වෙනුවෙන් කැප වී ක්‍රියා කෙළේ ය. මානුෂික මෙහෙයුම් ක්‍රියාත්මක වීමත් සමඟ ලොව පුරා ශ්‍රී ලංකාව පිළිබඳ ආකල්පමය වෙනසක් කිරීමට හැකි වූයේ ජනාධිපතිතුමා ගේ එම මාධ්‍ය විනිවිදභාවයයි.

ජනාධිපතිතුමා ලේක්හවුස් මන්දිරයට පැමිණියදා...

සතියකට හෝ සති දෙකකට වරක් දෙස් විදෙස් ජනමාධ්‍යවේදීන් ගැටුම් පවතින ප්‍රදේශවලට කැඳවාගෙන ගොස් හෝ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සියැසින් ම දැක බලා ගැනීමේ අවස්ථාව ද සලසා තිබිණි.

මානුෂික මෙහෙයුමේ මාධ්‍ය විනිවිදභාවය පිළිබඳව සුළු පිරිසක් හැරෙන්නට දෙස් විදෙස් ජනමාධ්‍යවල ප්‍රසංසාව ජනාධිපතිතුමාට හිමි වුණි.

ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයෙන් නිවැරදි තොරතුරු ලැබෙන බවට ප්‍රකාශ කළ විදෙස් ජනමාධ්‍ය ආයතන හා පෞද්ගලික මාධ්‍ය ආයතන ලෝකයට නිවැරදි තොරතුරු හෙළි කරනු ලැබූවේ ඉතාමත් වගකීමකිනි.

ඊට පෙර විවිධ මත තිබුණි. සියයට දශමයක් පමණ වන සුළු පිරිසක් වෙනත් අරමුණු ඇතිව ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කෙරෙන අසත්‍ය තොරතුරු වාර්තා කිරීමේ අවස්ථාවන් ද නැත්තේ නොවේ. රට දෙකඩ කිරීමේ එල්. ටී. ටී. ඊ. උත්සහයට සහාය දෙමින් ආයෝජනය කළ පිරිසක් රට පිළිබඳ ආකල්පය වෙනස් කිරීමේ ව්‍යාපාර දියත් කරනු ලැබීය.

ත්‍රස්තවාදය පරාජය කොට රටට සාමය උදාකරන විට මෙම සාම මාධ්‍යවේදීන් රටින් පලායාමෙන් පැහැදිලි වන්නේ රට පාවාදී ඩොලර් ඉපැයීමේ දේශද්‍රෝහී ක්‍රියාවක් ගෙන ගිය බව ය.

ජනමාධ්‍ය සහ දේශපාලනය අතර පවතින්නේ ගැඹුරු සම්බන්ධයකි.

ජනතාවට නිවරදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සුරක්ෂිත කරමින් රටේ සමස්ත සමාජ සංස්කෘතිය හා ආර්ථික සංවර්ධන අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම සඳහා ජනමාධ්‍යයන්හි පුළුල් දායකත්වය ලබා ගැනීමට මහින්ද චින්තන ප්‍රතිපත්තිය සකස් කර තිබෙන්නේ එය අවබෝධ කරගනිමිණි.

ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා සමඟ කළ සාකච්ඡාවකින් සකස් කෙරිණි.


සබැඳි පුවත්