නිල් අහස ජයගන්නා මත්තල ගුවන් තොටුපොළ

නිල් අහස ජයගන්නා මත්තල ගුවන් තොටුපොළ

නිනිල් අහසත් ජය ගැනීමේ ආශ්චර්යමත් විජයග්‍රාහි මෙහෙයුම මත්තල දී සැබෑ වේ.

වසර 2011 අවසන් භාගය වන විට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් පළමු ගුවන් යානය ගොඩබසිමින් මෙරට දෙවන අන්තර්ජාතික ගුවන් තොටුපළ දැයට දායාද කිරීමට සූදානමින් සිටී.ු

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මගින් ගුවන්යානා හැසිරවීමේ දි සහ භාණ්ඩ ප්‍රවාහනයේ දී ඇති වූ ප්‍රමාදයන් සහ හදිසි අවස්ථාවක දී දෙවන ගුවන් තොටක අවශ්‍යතාවයක් මෙරටට පැන නැග තිබුණි.

සංවර්ධන කටයුතු සිදු කෙරෙන ගුවන් ධාවන පථය

මත්තල ගුවන් තොටු පොළේ රූප සටහනක්

ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීමට නොයෙක් අවස්ථාවල දී විවිධ ප්‍රදේශයන්හි නිරීක්ෂණය කළ ද ඇතැම් අවස්ථාවල බෝඩ් ලෑලි ගැසුව ද ඒවා සිහින බවට පත් විය.

මහින්ද චින්තනයේ තවත් එක් සටහනකි නිල් අහස ජය ගැනීම. වසර තිහක ශාපකාරී යුද්ධය නිම කරමින් සංවර්ධනයේ අරුනලු රට පුරා වැටෙන විට දෙවන ජාත්‍යන්තර ගුවන්තොට ඉදි කිරීමට ද අවශ්‍ය පියවර ගත්තේ ය.

විවිධ ස්ථානීය පරීක්ෂා කිරීම් සිදු කර තිබුණ ද වීරවිල ප්‍රදේශය මේ සඳහා සුදුසු බවට එවකට අමාත්‍යවරයා වශයෙන් සිටි මංගල සමරවීර මහතා සියලු ම කටයුතු සිදු කළේ මහජනතාව ගේ හඬට කිසිසේත් සවන් නොදී ය. මහින්ද චින්තනය ක්‍රියාත්මක කරන්නේ හැම විට ම මහජනතාව ගේ කැමැත්ත සහ ඕනෑ එපාකම් මත ය.

කෘෂිකාර්මික දිවි පෙවෙතක් ගත කරමින් සිටි මාගම්පුරයේ වැසියෝ මේ අඳෙීනාව නිතර කීවේ ය. රාජපක්ෂවරු නිතර ම ජනතාවට ඇහුම්කන් දෙන පිරිසකි.

ඒ අනුව 2008 – ජූලි මස 27 දින හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්විණි. ඒ, එවකට වරාය සිවිල් ගුවන් සේවා ඇමැති චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ප්‍රදේශයේ ගොවි නියෝජිත පිරිස කමිටුවට පැමිණ ඉල්ලා සිටියේ වීරවිල ඉඳීකරන ගුවන් තොටුපල එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙසට යි. එදා සිටි ඇමැතිවරයා අත්තනෝමතිකව ගත් එම තීරණය ජනතාව ප්‍රතික්ෂේප කර ඇති නිසා මහජනතාව ගේ හඬට සවන් දුන් චමල් රාජපක්ෂ ඇමැතිවරයා වහා ම දුරකථනයෙන් ගුවන් තොටුපළ සභාපතිවරයාට කථාකොට වහා ම වීරවිල ඉඳිකිරීම් නතර කළේ ය.

මත්තල ප්‍රදේශය ඒ අවස්ථාව වන විටත් ස්ථානීය පරීක්ෂා සිදුකර තිබුණි. ඒ අනුව මෙරට දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හම්බන්තොට මත්තල ප්‍රදේශයේ නිල වශයෙන් ඉදිකිරීම් කටයුතු 2009 නොවැම්බර් මස 27 දින සිදු කෙරිණි.

ගුවන් තොටුපොළ ඉදි කෙරෙන මත්තල එදා වසර 2000 දී නියං රකුසාට බිලි වූ ප්‍රදේශයකි. නිල්වන් අහස් කුස වැසි පොදක් ලබා නොදී වගා බිම් පාලු කරවා බීමට වත් ජලය නොමැතිව ජනතාව විඩාවට පත් කළ ප්‍රදේශය සැබවින් ම අති දුෂ්කර ය.

මෙම ප්‍රදේශයේ ජනතාව පමණක් නොව හම්බන්තොට, මාතර, මොණරාගල, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා සේවාවන් සැපයිය හැකි වන සේ මත්තල ගුවන් තොටුපොළ ඉදි කෙරේ.

ලෝකයේ නැඟෙනහිර හා බටහිර දෙපැත්තට ගමන් කරන ගුවන් මාර්ග පිහිටා ඇත්තේ හම්බන්තොටට සමීපයෙනි. මෙම ප්‍රදේශයෙන් ගමන් ගන්නා ගුවන් යානාවලට ඉන්ධන හා විවිධ සේවා සපයා ගැනීමට හම්බන්තොට මත්තලට පැමිණීම පහසු ය. එම නිසා මත්තල ඉදිකෙරෙන ජාත්‍යන්තර ගුවන් තොට මෙරට ගුවන් තොටුපොළ ක්ෂේත්‍රයේ විජයග්‍රාහී පියවරකි.

රජයේ ඉඩම් හෙක්ටයාර් 2000ක් පමණ ව්‍යාපෘතියට වෙන්කර තිබේ. ඉන් හෙක්ටයාර් 800ක් පමණ ප්‍රධාන ඉදිකිරීම් සිදු කෙරෙමින් පවතී. මූලික අදියර යටතේ හෙක්ටයාර් 400ක් පමණ ගුවන් පථය හා ඒ ආශි‍්‍රත ඉදිකිරීම් සිදු කෙරෙයි. ඉතිරි හෙක්ටයාර් 400 ගුවන් තොටුපොළ සම්බන්ධ කර්මාන්ත සඳහා වෙන් කෙරේ.

කිලෝමීටර් 4 ක් දිගැති ගුවන් පථය ඉදිකිරීම් දැනට සිදුවේ. ඒ. 380 ලෝකයේ විශාල ම ගුවන් බසය ගොඩ බැස්සවීමේ පහසුකම් ද සමඟින් ගුවන් තොටුපොළ ඉදි කිරීම සඳහා වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 200 කි. එම මුදල ලබා දීමට චීන මහජන සමූහාණ්ඩුව එක¼ඟ වී තිබේ.

මාගම්පුර වරායට සැතපුම් 25 ක පමණ දුරකින් ඉදිකෙරෙන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිසර හිතකාමී ලෙස ඉදි කෙරෙන ව්‍යාපෘතියකි.

පරිසරයට බලපෑම් එල්ල නොවන සේ පරිසරය ආරක්ෂා කරමින් පරිසර හිතකාමී ලෙස ඉදි කෙරෙන මේ ගුවන් තොටුපළ 2013 වසර වන විට වසරකට මගීන් මිලියනයකට පමණ සේවා ලබාගැනීමට හැකි වේ.

මෙරට ගුවන් සේවා අංශයට තිබෙන්නේ එක් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් සහ රට අභ්‍යන්තරයේ ක්‍රියාත්මක කෙරෙන ගුවන් තොටුපළ 12ක් පමණි. වසර හතළිහකට පමණ පෙර ඉදි වූ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් පසුව වසර තිහක යුද්ධය පවා නිම කර මෙම දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මත්තල ඉදි කිරීම සිදු කෙරිණි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්