“35 වසරක අභිමානය සමඟින් සෙනෙහසේ ගී අසිරිය”

“35 වසරක අභිමානය සමඟින් සෙනෙහසේ ගී අසිරිය”

ජාතික තරුණ සේවා සභාවේ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයෙන් කලා කෙතට දායාද කළ ගී පද රචක ගායන ශිල්පී සංගීතවේදී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතා මෙරට ගීත ක්ෂේත්‍රයට කළ මෙහෙවර ඇගයීම සඳහා ලබන සැප්තැම්බර් 20 වැනි දින මහරගම ශ්‍රී ලංකා යූත් රඟහලේ දී නොමිලේ පැවැත්වීමට නියමිත “35 වසරක අභිමානය සෙනෙහසේ ගී අසිරිය ඔයා නිසා” නම් ගී ප්‍රසංගයේ මාධ්‍ය දැනුවත් කිරීමේ සුහද හමුව පසුගියදා කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවතේ පිහිටි සීනෝර් හෝටලයේදී පැවැත්විණි.

එහිදී ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි පැමිණ සිටි පිරිස හා මාධ්‍ය දැනුවත් කළ අයුරු මෙහි දැක්වේ. එම අවස්ථාවට සේනක උබයසිංහ, සීනෝර් හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂ උජිත් අනුරාධ, ජාතික තරුණ සේවා සභාවේ සම සභාපති සෝමසිරි මැදගෙදර, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ සුගත් හේවාපතිරණ, සභාපති ආර්. ඒ. ඩී. සිරිසේන යන මහත්වරු ද ඊට සහභාගි විය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා