මුල් පිටුව හැඩ කළ සුදත් ගේ සේයා

මුල් පිටුව හැඩ කළ සුදත් ගේ සේයා

හු පුවත්පත ආලෝකවත් කළේය. නිරන්තරයෙන් මුල් පිටුව වර්ණවත් කළේය.

ඒ 1984 වසර යි.

බසයෙන් බැස ගත් විසි දෙහැවිරිදි තරුණයෙක් ලේක්හවුසියේ පිළිගැනීම් කවුන්ටරයේ රැදී සිටී.ඔහු අත ඇත්තේ එවකට අගමැතිවරයා ලෙස කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඡායාරූපයකි. එය අගමැතිවරයාගේ රුව රැඳුණු කළු සුදු ඡායාරූපයකි.

සුදත් සිල්වා

“ඒ දවස්වල පින්තූර ගත්තේ මම. ඒවා ප්‍රින්ට් කළෙත් මම ම යි. අපේ තාත්තාට ස්ටුඩියෝ එකක් තිබ්බා. වැඩේ ඉවර වෙච්ච ගමන් ම බස් එකේ නැගලා ස්ටුඩියෝ එකට ගිහින් මගේ අතින් ම පොටෝ පි‍්‍රන්ට් කරගෙන එනවා. ඒ කාලේ තාක්ෂණය දියුණු නෑ.

අද වගේ තැනින් තැනට යන්න වාහන ලැබෙන්නෙත් නෑ. මම බස් එකේ ගිහින් ලේක්හවුස් එකෙන් බැහැලා පොටෝ ටික දීලා එතනින් දවස කාර්යාලයට යනවා.පස්සේ දිවයිනට යනවා.”

මේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුරවැසියන් වන විධායක ජනාධිපතිවරු සිවු දෙනෙකුගේ නිල ඡායාරූප ශිල්පියාගේ ගමනක ආරම්භය යි. ඔහු නමින් සුදත් සිල්වා ය.

‘දිනමිණ’ට සියවසක් පිරෙන මේ මොහොතේ ඔහු සමඟ කතිකාවකට යෙදුනේ දිනමිණෙහි මුල් පිටුවේ නිරන්තරයෙන් පළවන ප්‍රධාන ඡායාරූපය ඔහු විසින් ගන්නා ලද බැවිනි.

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරුන් සිවු දෙනෙකුගේ නිල ඡායාරූප ශිල්පියා සුදත් ය.

දිනමිණ පුවත්පතට අත්‍යවශ්‍ය ඡායාරූප ඔහු නිම කර දෙන්නේ එයට කිසිදු මුදලක් හෝ නොගනිමිනි.

”මම දිනමිණත් එක්ක සම්බන්ධ වෙන්නේ ලේක්හවුස් එකට පොටෝස් දීමෙන්.

මම දෙන පිංතූ®රවලින් දිනමිණට පින්තූ®ර තෝරා ගත්තා. ගොඩක් වෙලාවට මගේ පොටෝස් දිනමිණ මුල් පිටුවට ගත්තා.

මම කවදාවත් දිනමිණ කර්තෘතුමාටවත් කාටවත් කියලා නෑ මගේ පොටෝ මුල් පිටුවට ගන්න කියලා.මම කවදාවත් බලපෑම් කරලත් නෑ.

ඒ අය දකින්න ඇති මගේ පොටෝස්වල තියන කලාත්මක බව හරි, ප්‍රවෘත්තිමය වටිනාකම හරි, මේ සයලුම දේවල් එක්ක වෙන්න ඇති ඒවා මුල් පිටුවට ගන්නේ.

ඒවා ගන්නවා ඇත්තේ ඒ පොටෝ ජනතාව අතරට යන නිසානේ.ඒ පොටෝ දිනමිණ මුල්පිටුවට හරි, වෙනත් පත්තරවලටත් මම පොටෝස් දෙන නිසා ඒවායේ හරි පළ වුණා කියලා මම දැනගන්නේ පහුවදා පත්තරේ බැලුවට පස්සේ.”

මම මුලින් ම ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා ගේ නිල ඡායාරූප ශිල්පියා විදියට හිටියේ.

ඒකාලේ ඉදන් මේ දක්වා විධායක ජනාධිපතිවරු හතර දෙනෙකුගේ නිල ඡායාරූප ශිල්පියා විදියට වැඩ කළා.

වසර විසි පහක් වන මගේ වෘත්තීය ඡායාරූප ජීවිතයේ වැඩිපුරම ඡායාරූප පළවෙලා ඇත්තේ දිනමිණ මුල් පිටුවේ වෙන්න ඇති.”

මගේ ඡායාරූප දිවියට පුවත්පත්වලින් ලද අවස්ථාවන්, උදව් උපකාර වගේ ම නොයෙක් අවස්ථාවලදී ලබා දුන් සහයෝගය මම අගය කරනවා.

දිනමිණෙන් මට ලබා දුන් සහයෝගයට මම විශේෂයෙන් ස්තූ®ති කරනවා.

රජයේ පුවත්පත් ආයතනයක් නිසා , මම වැඩ කළෙත් ජනාධිපතිවරු එක්ක නිසා මගේ ඡායාරූප වැඩිපුර ගන්න ඇති.

මුල් පිටුවට වගේ ම ඡායාරූප පිටුවලටත් මගේ ඡායාරූප ගන්නවා.විශේෂ අවස්ථාවක්, විදේශ ගමනක්, ජාතික වශයෙන් වැදගත් වන අවස්ථාවක දී නම් ඒ ආවරණය කරපු අවස්ථාවේ හොඳ ඡායාරූප තියනවා නම්, මම කර්තෘතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඡායාරූප පිටුවක් පළකරලා දෙන්න කියලා.දිනමිණ නිතර ම ඒ ගැන අවධානය යොමු කරලා ඒ ඉල්ලීම ඉෂ්ට කරනවා කියන එක කෘතවේදීව මතක් කරන්න වෙනවා.”

සිය වසරක් පිරෙණ දිනමිණ පුවත්පතෙහි අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ සියලු ම ඡායාරූප ශිල්පීන්ට උපහාරයක් හා විශේෂ ස්තූ®තියක් පිරිනමන්නට ද මෙය අවස්ථාවක් කරගනිමි.

ඔවුන් ලබා දෙන ඉඩ ප්‍රස්ථාව තමාගේ ඡායාරූප පළ කරවා ගැනීමට ද අවස්ථා සැපයූ බව ඔහු පවසා සිටින්නේ කෘතගුණ පූර්වකව ය.

” දිනමිණ සියක් වර්ෂ පූර්ණයට මම හදවතින් ම සුබ පතනවා.තවත් සියවස් ගණනාවක් ම දිනමිණ පාඨකයා අතර පවතීවායි කියලා ප්‍රාර්ථනා කරනවා.” ජිරන්තරයෙන් දිනමිණ මුල් පිටුව හැඩකළ ඔහු පැතුම එයයි.
 

සුදත් සිල්වා ගත් ඡායාරූප එකතුවක්


සබැඳි පුවත්