‘අපි අවුරුදු පනහක්ම දිනමිණ සමඟයි’

‘අපි අවුරුදු පනහක්ම දිනමිණ සමඟයි’

-දිනමිණ අලෙවි නියෝජිත

මෙරට ජන සමාජය වඩ වඩාත් දැනුම්වත් කිරීම සඳහා අවුරුදු සියයක් මුළුල්ලේ ‘දිනමිණ’ පුවත්පත කරන ලද අනුපමේය සේවය අතිවිශාලය. දිනමිණ පුවත්පත ආරම්භ කළ සමයේ පටන්ම මගේ පියා (ඇම්. පී. පෙරේරා මහතා) පාදුක්ක ලේක්හවුස් අලෙවි නියෝජිතවරයා විය. ඔහුගෙන් පසුව අද දක්වාම පුරා පරම්පරා තුනකට පසුව මා මේ කටයුත්ත ඉතා උනන්දුවෙන් කටයුතු කරන්නෙමි.

මෙසේ අදහස් දැක්වූයේ ‘දිනමිණ’ පුවත්පතට අවුරුදු සියයක් ගතවෙන මේ මොහොතේ ලේක්හවුස් පාදුක්ක අලෙවි නියෝජිත මහේන්ද්‍ර මාපටුන මහතාය.

පරම්පරාවෙන් පරම්පරාවට ‘දිනමිණ’ පුවත්පත අලෙවිකරණයේ යෙදුණු තෙවැනි පරම්පරාවේ පාදුක්කේ ලේක්හවුස් අලෙවි නියෝජිත මහේන්ද්‍ර මාපටුන මහතා ‘දිනමිණ’ පුවත්පතට අවුරුදු සියයක් ගතවීම නිමිත්තෙන් මෙවැනි අදහසක් කියා සිටී.

මම මහේන්ද්‍ර මාපටුන මගේ සීයා තමයි පාදුක්ක ලේක්හවුස් ආයතනයේ නියෝජිතකම මුල්කාලේදීම ගත්තේ. පත්තර ගැන මුලින්ම කතා කරන්න ලැබුණේ ‘දිනමිණ’ පත්තරෙන්. අවුරුදු 100 වුණහම ඒ අද.

එවකට ලේක්හවුස් ආයතනයේ පුවත්පත් බෙදාහැරීමේ නියෝජිතකම දෙන්නේ ගමේ ප්‍රධාන පවුලකට. ගම්සභා නියෝජිතයකුට, හදිසි මරණ පරීක්ෂකවරයකුට, රෙජිස්ටාර් රාළහාමි කෙනෙකුට වගේ රටේ ප්‍රබල පුද්ගලයෙකුට. ඉතින් අපේ තාත්තා පාදුක්ක වග ගම් කාර්ය සභාවේ සභාපති. ඒ වාගේම මගේ මහප්පා මාධ්‍ය ක්ෂේත්‍රයට ඉතාම ලැදියාවක් ඇති අයෙක්. ඔහුත් පුවත්පත්වලට හරිම කැමැතියි. ගෙදරට පැමිණි සෑම අවස්ථාවකම පත්තර ගැන තමයි කතා කරන්නේ. පසුව මහප්පා රූපවාහිනි සංස්ථාවේ සභාපති වුණා. ඔහු එම්. ජේ. පෙරේරා මහතායි.

ඒ කාලයේ ලේක්හවුස් ආයතනයේ රැකියාවක්, ප්‍රවෘත්ති වාර්තාකරුවෙක්, නියෝජිතකමක් ගැනීම විශාල ගෞරවයක්. තමන්ට ලේක්හවුස් ආයතනයේ තිබෙන සම්බන්ධකම් උඩ දූදරුවන්ගේ රැකියා වගේම මංගල කටයුතු වැනි අවස්ථාවලදී සමාජයේ කැපී පෙනෙන තත්ත්වයක් ඇතිකර ගැනීමට ලේක්හවුස් ආයතනය පිටුවහලක් වුණා.

මගේ පියා පාදුක්ක වග ගම්කාර්ය සභාවේ සභාපති වශයෙන් කටයුතු කරන අවදියේ එවකට පාදුක්ක වග ගම්පේරුවේ ජනතාව අපේ තාත්තා රැස්වීමක කථා කළත් පසුදා දිනමිණ පත්තරේ ඒක පළවෙලා ඇති කියලා ගමේ සෙනඟ පත්තරේ බලනවා. ඇත්තටම ඒ විදිහට ඒ කතාව පත්තරේ පළවෙලා තියෙනවා. ඒකත් මගේ පුවත්පත් ජීවිතයට බලපෑවා.

මට මතකයි ඒ කාලේ මිහිර පුවත්පත ලේක්හවුස් ආයතනයේ මුද්‍රණය කළා. 1964 වසරේ එම පත්තරේ තිබුණා අනගාරික ධර්මපාලතුමාගේ පිංතූ®රයක්. ඒ පිංතූරය අදත් සමහර ගෙවල්වල රාමුකරලා තියනවා. ඒ වගේම සරසවිය පුවත්පත මුල්ම පිටකරපු දවසේ පත්‍රය සමඟ සරස්වතී දේවියගේ පිංතූරයක් නොමිලේ ලබාදුන්නා.

මිනිස්සු පොර කෑවා පත්තරයක් ගන්න. එදා මා සමඟ හුඟක් දෙනෙක් තරහ වුණා පත්තරේ ගන්න බැරිවුණාම. ඒත් මිහිර පත්‍රයේ ධර්මපාලතුමාගේ පිංතූරයක් නම් පසුව මා එවකට හිටපු ලේක්හවුස් බලධාරින්ගෙන් ඉල්ලීම් කරලා නැවත ඒ ළමයින්ට ලබා දුන්නා මට මතකයි.

තවත් විශේෂයෙන්ම මිනිසා සඳමත පාතබපු දවසේ අපේ කඩේ අයිනේ දිග පෝලිමක් තිබුණා දිනමිණ මිලදී ගන්න. ඒ අයගේ විශ්වාසයක් තිබුණා ලේක්හවුස් පත්තරේ තමයි නියම ඇත්ත පළවෙන්නෙ කියලා. ඒකත් මට ඉතාම සතුටක්.

රාමන්

ඒවාගේම 1970 – 77 අතර ලේක්හවුස් පුවත්පත් වර්ජනය ඒ අවස්ථාවේදීත් ලේක්හවුස් පුවත්පත් අලෙවි වුණා. ඒ වාගේම ලේක්හවුස් ආයතනයේ වාහනය පාන්දර පාදුක්ක නගරයට පැමිණීම ගමේ අපිට හරිම ආඩම්බරයක් වුණා. කොළඹ රැකියාවල් කරන අයගේ ගමේ ගෙදරට හදිසි පණිවිඩ එව්වේ ඒ හරහායි.

ඒ දිනමිණ පත්‍ර නියෝජිතයෙක් නිසා ඇතිවුණ විශ්වාසයයි. තවත් විශේෂ දෙයක් තමයි එවකට ලොතරැයි දිනුම ආරෝග්‍යශාලා ලොතරැයිය මොන පත්තරේ දැම්මත්, ‘දිනමිණ’ පත්තරේ බලලා තමයි ගමේ මිනිස්සු තමන්ගේ ජයග්‍රහණය තහවුරු කරගන්නේ.

ඒකාලේ තිබුණා පාදුක්ක බෝපේ ලේක්හවුස් තවත් නියෝජිතකමක්. එය වත්මන් ශේෂ්ඨාධිකරණ විනිශ්චයකාර වෝල්ටර් විමල චන්ද්‍ර මැතිතුමාගේ පියාගේ.

ඔහු කීවේ මා නැතිවුණ කලෙක ලේක්හවුස් නියෝජිතකම කාටවත් පවරන්න නෑ කියලා. එයට හේතුව ලේක්හවුස් ඒජන්සිය මහා වටිනා එකක්. වෙන අය එය අරගෙන ආයතනය අපකීර්තියට පත්කරයි කියලා.

දිනමිණ පුවත්පත් බෙදන බයිසිකල්වල යන අයගේ සහයෝගය නිසා ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරියකුට වඩා ජනතාවට ඔවුන් විශ්වාස වුණා.

උදේට පත්තර ගන්න උදවිය දිනමිණ පුවත්පතේ දිනමිණ නම ගැන පවා එකට තර්ක කළා. ‘දිනමිණ’ ඒ නම රට පුරාම ප්‍රචලිත වී ඇති බවට.

පසුකලෙක යම් යම් වෙනස් වීමෙන් පසු වත්මන් රජය යටතේ එය ;වනස්වීම්වලට ලක් වූ බවත් මාපටුන මහතා පෙන්වා දුන්නේය. එම වෙනස්වීම් තුලින් නව තාක්ෂණයෙන් දිනමිණ පුවත්පත ජනතාව අතරට ඒම නිසා ජනතාව කැමැත්තෙන් කියවන බවත් ඔහු පවසයි.

“මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ දැන්වීම් කටයුතු අප කරගෙන යනවා. එම නිසා ඒ අයට කොළඹට පැමිණීමේ අවශ්‍යතාවයක්ද නැහැ” ඔහු  අවධාරණය කරයි.

මහේන්ද්‍ර මාපටුන

විශේෂයෙන්ම අවුරුදු සියයක් අපේ දිනමිණට ගතවෙන මේ මොහොතේ පුවත්පත් අලෙවි නියෝජිත මහතුන්ද අමතක නොකිරීම විශේෂිතම සිද්ධියක්. දිනමිණ පුවත්පතට මගේ උණුසුම් සුබපැතුම් පිරිනමනවා.

ඒ වාගේම සමාජයේ නොයෙක් පිරිස්වල හදවත්වලට දිනමිණ පුවත්පත බලපෑවා. සරසවිය පුවත්පත, සරසවි සම්මාන තුළින්ද, ජනතා ලංකා සාවාරිය තරුණ පිරිස්වලට බොහෝ බලපෑ බව මම විශේෂයෙන්ම කියන්න ඕනෑ. පාදුක්ක දිනමිණ පුවත්පත් අලෙවි ආයතනයේ පනස් වසරකට වඩා සේවය කළ රාමන් මහතා කියා සිටියේ මේ පුවත්පත් අලෙවි කිරීම තුලින් සමාජය පිළිබඳ වැදගත් දේ දැනගත් අතර සියලු භාෂාවන් ගැනද අවබෝධයක් ලබාගත් බවය.

දිනමිණ පුවත්පත ගැන මම හුඟක් සතුටු වනවා. දැන් සිකුරාදාට ගැසට් පත්‍රය බලන්න පත්‍රය අරගෙන එළියට පැමිණ එතන සිටම කියවනවා. ලොතරැයි දිනුම් ගැනත් එසේමයි. මට වෙලාවකට හිතෙනවා ලේක්හවුස් වාහනය, පාන්දර පත්තර ගෙන ආපුහම කඩේ හරියට කලබලකාරී තත්ත්වයක් ඇති වෙනවා කියලා.

ඒ තරම් පුවත්පත ගැන ආශාවෙන් ජනතාව ඉන්නේ. දිනමිණ අවුරුදු සියයක් පිරීම පිළිබඳ අපි අපේ පාරිභෝගිකයන් සමඟ සුබ පතනවා” ඔහු කීය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්