රටට පත දුන් සුන්දර මිනිස්සු

රටට පත දුන් සුන්දර මිනිස්සු

හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ යැයි කියමනක් තිබේ. ‘ දිනමිණ ‘ නමැති අති විසල් වෘක්ෂය ආරම්භක කතුවරු පිළිබඳ සිතීමේදී ද ඒ කරුණ සත්‍යයක් ම බව පැහැදිලිව දැකිය හැකි ය. මේ පුවත්පතේ ආරම්භක කතුවරයා වූයේ එච්.එස්.පෙරේරා මහතා ය. මුල් කාලයේ සිට ම සිය ශක්තිය උපරිමයෙන්ම පුවත්පතේ දියුණුව වෙනුවෙන් කැප කිරීමට ඔහු මහත් වෙහෙසක් ගෙන තිබේ. 1914 වන තෙක් මෙතුමාණෝ දිනමිණ පුවත්පතට නිර්මාණයට නායකත්වය දුන්හ.

සියක් වසක් ආයු ලැබ ජීවත් විය හැකිනම් එය මහත්ම පිනෙකි. භාග්‍යයකි. සිය වසක් අඛණ්ඩව පුවත්පතක් පළ කළ හැකිවේනම් එය මහත් ආශ්චර්යයකි.

එය දිනපතා පුවත්පතක් වේ නම්, මේ තත්ත්වය පුදුමයක් නොවේද? පුදුමයට කරුණකි. එහෙත් එවන් වූ පුවත්පතක් අප රටේ පළවේ. එය අපට ආඩම්බරයට කරුණකි. එය මෙරට ජීවත්වන ජනතාවට ද ආඩම්බර විය හැකි හේතුවකි. පාඨක සැමට උදම් ඇනිය හැකි අවස්ථාවකි.

සියක් වසක් සියලු උපද්‍රවයන්ගෙන් බේරී මේ තාක් දුර පැමිණි ගමන් මඟට ශක්තිය සැපයුවේ අන් කවරෙක්වත් නොවේ. 1909 දෙසැම්බර් 17 වැනිදායින් ඇරැඹි, මේ දක්වා පතට දිරි දුන් ‘ දිනමිණ’ කර්තෘවරු නිසා යැයි කීවොත් එය නිවැරැදි ය.

එදා මෙදාතුර ‘ දිනමිණ’ පුවත්පතේ පැවැත්මට ආසිරි සැපැයූ ඔවුන් නිසා, අපට ‘ දිනමිණ ‘ පුවත්පත මෙතෙක් කාලයක් බැලිය හැකි විය. ඉදිරියටත් එය එසේ ම වනු ඇත.

හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ යැයි කියමනක් තිබේ. ‘ දිනමිණ ‘ නමැති අති විසල් වෘක්ෂය ආරම්භක කතුවරු පිළිබඳ සිතීමේදී ද ඒ කරුණ සත්‍යයක් ම බව පැහැදිලිව දැකිය හැකි ය. මේ පුවත්පතේ ආරම්භක කතුවරයා වූයේ එච්.එස්.පෙරේරා මහතා ය. මුල් කාලයේ සිට ම සිය ශක්තිය උපරිමයෙන්ම පුවත්පතේ දියුණුව වෙනුවෙන් කැප කිරීමට ඔහු මහත් වෙහෙසක් ගෙන තිබේ. 1914 වන තෙක් මෙතුමාණෝ දිනමිණ පුවත්පතට නිර්මාණයට නායකත්වය දුන්හ.

ඉන් අනතුරුව මා හැඟි මේ පුවත්පතේ කතුවරයා බවට පත්ව ඇත්තේ ඩී.ජේ.බී.විජේසේකර මහතා ය. ඔහු 1917 නොවැම්බර් 30 වැනිදා දක්වා මෙහි දියුණුව වෙනුවෙන් ක්‍රියාකර ඇත. ‘ දිනමිණෙ’ හි තුන් වැනි කතුවරයා ලෙස ක්‍රියා කර ඇත්තේ එන්.එච්.ජිනදාස මහතා ය.

ඩී.ඩබ්ලිව්.වික්‍රමාරච්චි, ඇලෙක්සැන්ඩර් වැලිවිට යන අය එහි කතුවරු වූහ. ඇලෙක්සැන්ඩර් වැලිවිට මහතා වසර 12ක් පමණ පුවත්පතේ දියුණුව උදෙසා සිය මෙහෙය ඉටුකර තිබේ. ඉන් අනතුරුව මෙහි කතු පදවියට පත්ව ඇත්තේ පියසේන නිශ්ශංක මහතා ය.

‘ දිනමිණ’ පුවත්පත මෙරට පතල පුවත්පතක් බවට පරිවර්තනය කිරීමේ කර්තව්‍යයේදී මේ සියලුම කතුවරුන්ගෙන් ලැබුණු දායකත්වය අප්‍රමාණ වන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

‘ දිනමිණ’ නමැති දරුවා පෝෂණය කරමින්, ඔහුගේ ගමන් මගට දිරි දෙමින්, සියලු උපද්‍රවයන්ගෙන් ආරක්ෂා කරමින් පුවත්පත් කලාවේ අමරණීය නමක් බවට පත් කිරීමට මේ සියල්ලෝම පියවරු බවට පත්වූහ.

සිය දරු පැටවුන් ආරක්ෂා කර ගන්නා මවුපියන් මෙන්, ‘ දිනමිණ’ යනු අපේම දරුවෙක් ය යන හැඟීමෙන් යුතුව රැක බලාගැනීම වෙනුවෙන්, සියක් වසක් එළඹෙන දා මේ සියල්ලෝම බුහුමනට ලක්විය යුතු ය.

මාර්ටින් වික්‍රමසිංහ යනු මෙරට ලේඛන කලාවේ අද්විතීය නමකට උරුමහරුමකම් කියා පෑ ශ්‍රේෂ්ඨ ලේඛකයෙකි. එවන් වූ වියතකුගේ මඟ පෙන්වීම ද ‘ දිනමිණට’ ලැබිණි. එක්දහස් නවසිය තිහේ සහ හතළිහේ දශකවලදී පමණ මෙතුමාණෝ මේ පුවත්පතේ කතුවරයාව වෙසෙමින් කළ අපරිමිත මෙහෙය එදා විසුවෝ අද ද මතක් කරති.

මාර්ටින් වික්‍රමසිංහ මහතාගෙන් අනතුරුව නැවත වතාවක් කතු පදවියට පත්වීමට පියසේන නිශ්ශංක මහතාට හැකි විය. එච්.කේ.මහින්දදාස, එම්.ඒ.ද සිල්වා, ඩී.බී. වෙත්තසිංහ, එස්.සුබසිංහ, ටී.බී.පෙරමුණේතිලක, එඩ්මන්ඩ් රණසිංහ, ඩබ්ලිව්.බී.මෙත්තානන්ද, ජී.එස්.පෙරේරා, දෙල්තොට චන්ද්‍රපාල, සරත් කුරේ, බෙනට් රූපසිංහ, තිස්ස එදිරිසිංහ, සමන් වගආරච්චි, බන්ධුපාල ගුරුගේ, චන්ද්‍රසිරි දොඩාවත්ත,මහින්ද අබේසුන්දර, රංජන් අමරරත්න යන කතුවරු දිනමිණට දිරි දුන් කතුවරු අතර වෙති.

මීට අමතරව රංජිත් ඇල්.අබේවික්‍රම මහතා දිනමිණෙහි වැඩ බලන කතුවරයකු වශයෙන් මෑත කාලයේදී සේවය කර ඇත. සියක් වසක් සපිරෙන මොහොතේ ‘ දිනමිණ’ පුවත්පතේ ප්‍රධාන කතුවරයා ලෙස සේවය කරමින් සිටින්නේ මහින්ද අබේසුන්දර මහතා ය.

සියක් ආයු ලැබූ දිනමිණට, කල්පායුෂ ලැබීමට ශක්තියක් විය හැක්කේ, ප්‍රධාන බලවේගය වන්නේ කලින් කලට එහි ප්‍රධාන කතුවරයා බවට පත්වන තැනැත්තාට ය.

ඉරෝෂිණී දීපිකා

රටට උගතුන්, වියතුන් බිහි කිරීමට පුවත්පතින් වන මෙහෙය මේ යැයි පැවසීමට නොහැකි ය. ජනතාවගේ දැනුම මෙන්ම බස පෝෂණයට ද ඉන් ලැබෙන පිටිවහල අපමණය.

එදා සිට මේ දක්වා දිනමිණ කතුවරුන්ගෙන් වූයේ පත්‍රය ලොවට දීමක් පමණක් නොව, මේ කර්තව්‍යයන්ද ඉෂ්ට කිරීමට පියවර ගැනීමකි. පත්‍ර කලා ලොවට පෑයූ හිරු දිනමිණ බව සැබෑවකි. ඒ හිරුගේ ශක්තිය ලොවට පෙන්වීමට ඉදිරියේදී බිහිවන දිනමිණ කර්තෘවරුන්ට හැකියාව ලැබේවා යන්න අපගේ ඒකායන පැතුමයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්