නැවත ලියන්න!

නැවත ලියන්න!

නැවත ලිවීම හෙවත් ප්‍රති - රචනය යනු පුවත්පතක අනිවාර්ය අංගයෙකි. එය නොවූ කල වෘත්තීය තත්ත්වය බිඳවැටෙන බව කියැවේ. හේතු දෙකෙකි. පළමුවැන්න වාර්තාකරුවන්ගෙන් පරිසමාප්ත කොපියක් නොලැබීම ය. දෙවැන්න පුවත්පතෙහි අනන්‍ය ශෛලියට හා රිද්මයට ඇතැම් රචනා නොගැළපීම ය.

පුවත්පත් කලාවේ දී මා අකැමැති ම වචනය නැවත ලිවීම හෙවත් “Re writing” යන්න ය. ශාස්ත්‍රීය වචනයකින් කිවහොත් ප්‍රති - රචනය යනු ද ඊට ම නමෙකි. අතීතයේ දී මගේ ප්‍රධානීන් මා ලවා අනන්තවත් නැවත ලියවාගෙන ඇත. මා පත්‍රකලාවේ ප්‍රධානියකු වූ පසු ද එය ම අනුගමනය කර ඇත. හැබෑවට ම නැවත ලිවීම යනු කුමක් ද?

නැවත ලිවීම හෙවත් ප්‍රති - රචනය යනු පුවත්පතක අනිවාර්ය අංගයෙකි. එය නොවූ කල වෘත්තීය තත්ත්වය බිඳවැටෙන බව කියැවේ. හේතු දෙකෙකි. පළමුවැන්න වාර්තාකරුවන්ගෙන් පරිසමාප්ත කොපියක් නොලැබීම ය. දෙවැන්න පුවත්පතෙහි අනන්‍ය ශෛලියට හා රිද්මයට ඇතැම් රචනා නොගැළපීම ය.

“A Reporter he is not a writer”  යනු අපි‍්‍රකානු පුවත්පත් කලාවේ ප්‍රකට කියමනෙකි. සිද්ධියක් වාර්තා කරන පුද්ගලයා අවශ්‍ය මෙන්ම අනවශ්‍ය දෑ ද තම මල්ලෙහි දා ගනී. සමහරු තමන් දකින - අසන දෑ සියල්ල ලියාගෙන එති. තවත් අය සිදුවීමවත් හරියට නොලියති. කතාව ඇත්තේ ඔහු ගේ ඔළු ගෙඩිය තුළ ය. එක්කෝ “over writing” ය. නැතහොත් lower writing  ය. මේ දෙක ම ප්‍රතිරචනයට ලක්විය යුතු ය.

ප්‍රති - රචනයේ දී අනුගමනය කරන මූලධර්ම හතරක් තිබේ.

(I)හැම සිදුවීමක් තුළ ම කතාවක් තිබේ. එම කතාව ලියන්න.

(II) හැම සිදුවීමක් තුළ ම සිරස්තලයක් තිබේ. එය මතු කරන්න.

(III)හැම සිදුවීමක් තුළ ම හැඟීම් සමුදායක් තිබේ. හැඟීම් ඉස්මතු කරන්න.

(IV) හැම සිදුවීමක් තුළ ම පාඩමක් තිබේ. ඊට මුල්තැන දෙන්න.

නැවත ලිවීම නිසා ප්‍රතිඵල තුනක් ඇතිවිය යුතු බව කියැවේ.

  1.  පැහැදිලි බව
  2.  නිවැරැදිබව
  3.  රසවත් බව

ප්‍රති - රචනය යනු කුමක් ද? ඇමෙරිකන් පුවත්පත් කලාවේ නිර්වචනය පහත සඳහන් පරිදි වේ.

 ‘The term rewrite is a misnomer originally’ The rewrite man was called that because he actually did redo the work of semiliterate reporters. Today there are far different rquirements”

ඇමෙරිකන් පත්‍ර කලාවට අනුව නැවත ලිවීම යන වචනය සාවද්‍ය වේ. නැවත ලිවීම යනු වාර්තාකරුවාගේ කොපිය ගෙන ඒ හැටියට ම නැවත ලියා තැබීමක් නොවේ. මුල් කොපිය පරිපූර්ණත්වයට පත්කිරීම සඳහා අලුත් කොපියක් සකස් කළ යුතු වේ.

උප කර්තෘ මණ්ඩලයක ප්‍රති - රචකයෝ කිහිප දෙනෙක් සිටිති. ඔව්හු මුල් කොපිය වෙනස් කොට පුවත්පත සඳහා අලුත් කතාවක් නිර්මාණය කරති. එහෙත් සිදුවීමෙහි සත්‍යතා බැහැර නො කරති.

අපි‍්‍රකානු පුවත්පත් කලාවේදීන් සඳහා I.P.I. ආයතනය 1963 දී සකස් කළ පාඨමාලාවක දී ප්‍රති - රචනයට අදාළ කරුණු හතක් සඳහන් කරන ලදි.

  1. අනවශ්‍ය විස්තර කපා හැරීම
  2. ඌන පූර්ණයන් කිරීම
  3. අතාර්කික දේ විමසා නැවත ලිවීම
  4.  ආකර්ෂණීය ආරම්භයක් ගැනීම
  5. අර්ථවත් අවසානයක් ඇති කිරීම
  6. ශෛලිය ආරක්ෂා කිරීම
  7. අඛණ්ඩ ගලා යෑමක් තැබීම

එකිනෙක පුවත්පත්වල ලේඛන ශෛලීන් වෙනස් ය. වාර්තාකරුවන් ගේ තත්ත්වය ද එය ම වේ. පත්තර ආයතනයෙන් - ආයතනයට, පුවත් බියුරෝවෙන් - බියුරෝවට ශෛලිය හා ඉදිරිපත් කිරීම වෙනස් ය. ප්‍රති - රචනයේ දී සියලු කතා තම ආයතනයේ ශෛලියට හරවා ගනු ලැබේ.

කෙසේ වුව ප්‍රති - රචකයාගේ කාර්යය බරපතළ ය. එහිදී සලකා බැලිය යුතු වැදගත් කරුණු කිහිපයක් තිබේ.

  1.  කොපිය තෙවරක් කියවන්න.
  2. කතාවේ සාරය සටහන් කරන්න
  3. කතාවේ හේතුඵල සම්බන්ධය විමසන්න
  4. ආකර්ෂණීය ආරම්භයක් ගන්න.
  5. අර්ථවත් නිමාවක් දෙන්න
  6.  කතාව රසවත් කරන්න
  7. ලිවීම පටන්ගන්න.

ප්‍රතිරචකයා හෙවත් නැවත ලියන්නා අමතක නොකළ යුතු වැදගත් ම කාරණය නම් වේලාවයි. ප්‍රතිරචකයාට කොපියක් ලැබෙන්නේ නිශ්චිත වේලාවක් තුල අවසන් කිරීම සඳහා ය. මේ ලියැවිල්ලට වේලාව බලා ලිවීම යැයි ද කියනු ලැබේ. The writing by the clock මේ සඳහා ප්‍රතිරචකයාට බලපාන කරුණු කිහිපයක් තිබේ.

  1.  දිගුකාලීන පළපුරුද්ද
  2. සංයමය
  3. පරිකල්පනය
  4. සංවිධාන ශක්තිය
  5. සාමුහිකව වැඩ කිරීමේ ශක්තිය

     

රන්ජන් අමරරත්න

කතාවක් සුළු වේලාවක් තුළ තර්කානුකූලව ගොඩනැඟිය හැක්කේ පළපුරුද්දෙනි. ඒ සඳහා දඩිබිඩිය හෝ කලබලය අත්හළ යුතු ය. පරිකල්පනය හෙවත් මැවීම් ශක්තිය ඇත්තා කතාව ආකර්ෂණීය ලෙස සකස් කරයි.

මේ සියල්ල රැඳී ඇත්තේ සංවිධාන ශක්තිය මත ය. ඊළඟ කාරණය නම් සාමුහික ව වැඩ කිරීම ය. තර්කයක් හෝ කලබලයක් නැතිව කතාවක් ගොඩනැඟිය හැක්කේ ඒ අතරිනි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්